IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මගියා අතුරුදන්: බෑගය රිය අසුනේ

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි) 
නිසි අවධානය යොමු නොවීමෙන් මගියකුගේ රෙදි බෑගය පමණක් රැගෙන කුලී ගමනක් ගිය ත්‍රිරෝද රථ රියදුරකු පිළිබඳව  වේයන්ගොඩ නගරය ආසන්නයෙන් පසුගියදා වාර්තා විය. 


හොඳින් හැඳ පැළඳ ගත් මගියෙක් විශාල බෑගයක් ද සමග නගරයේ ත්‍රිරෝද රථ නැවතුම්පළට පැමිණියේය. රියදුරා සමීපයට ගිය ඔහු දුම්රිය පළේ සිට කිලෝමීටර් තුන හතරක් දුරින් වූ ගමකට යාමට ගණන කීයද ඇසීය. ගණන් හිලව් කතාකරගත් මගියා සිය බෑගය ත්‍රිරෝද රථයට පැටවීය. මගියා නගින්නටත් පෙර රියදුරා රිය පණ ගන්වාගෙන පිම්මේ ගියේය. ටික දුරක් යද්දී මගියාගේ හැල හොල්මනක් නැති නිසා රියදුරා පිටුපස බැලුවේය. පුදුමයකි මගියා නැත බෑගය පමණක් ඇත. 


තමන්ගේ කලබලේ නිසා මගියාට ගොඩවීමට බැරි වන්නට ඇති බව තේරුම් ගත් ඔහු වහාම නගරයට ආපසු ගියේ මගියා සොයන්නටය. 


ඒ වනවිට බස් නැවතුම්පොළේ ගිනි විජ්ජුම්බරයකි. තමන්ගේ වටිනා දේපළ රැගෙන ත්‍රිරෝද රථය පලාගිය බවට මගියා පොලිසි යාමට සැරසී සිටී. අසල්වාසීන් ඔහු අස්වසද්දී ත්‍රීරෝද රියදුරා රිය නවතා බැස මගියා අභිමුඛයේ වැඳ වැටී සමාව ඉල්ලා යළි ගමනට කැඳවාගෙන ගියේ තමන්ගේ කලබලය නිසා සිදුවූ පාඩුව සිතින් දරාගෙනය. 


නියමිත තැනට ගිය රියදුරු මගියාගෙන් යළිත් සමාව ඉල්ලා සිටියේ තමන්ගේ වූ අත්වැරැද්දට යළි යළි සමාව දෙන ලෙසය. ඒ සියල්ලට සාවදානව ඇහුම්කන් දුන් මගියා පොරොන්දු වූ මුදලටත් වැඩියෙන් ඔහු අතමිට මොලවා ස්තුතියි කියා නිසොල්මනේම බැස ගියේය. 

 



අදහස් (0)

මගියා අතුරුදන්: බෑගය රිය අසුනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site