IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බස්රියේ කිලෝමීටර් තුනක් යන්න රුපියල් 900 ක් අරන්

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)

දකුණු පළාතේ වෙරළාසන්න නගරයක බස් නැවතුම් පොළින් කන්ද උඩරට බලා පිටත් වූ සුඛෝපභෝගී බස් රථයක කොන්දොස්තරවරයෙකු සිදු කළ මිනිස්කමට නිගාදෙන කතා පුවතකි මේ.

දකුණු වෙරළට ආසන්න බස් නැවතුමෙන් ඉකුත් 22 වැනි දින දහවල් 1.00න් පසු මෙම බස් රථය ගමන් ආරම්භ කෙරුණි. ඒ මොහොත වන විටත් බස් නැවතුම් පොළෙහි ජනතාව දැඩි කලබලයෙන් යුතුව බස් රථවලට නඟින්නට හා බැස යන්නට විය. එයට හේතු වූයේ කොළඹ හා මඩකළපුව ප්‍රදේශවලදී සිදු වූ බිහිසුණු බෝම්බ පිපිරීමයි. සරසවි අධ්‍යාපනය ලබන සිය දියණිය බස් රථයට නංවා පියා ටික දුරක් යනවිට සියලුම විශ්වවිද්‍යාල වසා දැමූ බව දැනගන්නට ලැබුණි. ඔහු වහාම බස් නැවතුම්පොළට පැමිණිය ද බසය පිටත් වී ගොස් තිබුණි. දියණියගේ දුරකතනයට ඇමතුමක් ගත් පියා විශ්වවිද්‍යාලවලට නිවාඩු දී ඇති බැවින් බස් රථයෙන් බසින ලෙසට දැනුම් දුන්නේය. ඒ වනවිට බස්රථය නගරය පසු කළා පමණි. පියා ද සිය මෝටර් රථයෙන් බසය පසුපස හඹා ගොස් දියණිය බස් රථයෙන් බස්සවා ගැනීමට සූදානම් විය. එවිට බස් රථයේ කොන්දොස්තර මහතා පවසා සිටියේ ගමනාන්තය දක්වාම ගමන් ගාස්තුව වන රුපියල් නවසියයක මුදල අවශ්‍ය බවයි. දියණිය ගමන් කර තිබුණේ කිලෝමීටර් තුනක් පමණි. මුදලට වඩා තම දියණියගේ ආරක්‍ෂාව ගැන සිතූ පියා රුපියල් නවසියයක් ලබා දී දියණිය බසයෙන් බස්සවාගෙන නිවස කරා ගියේය. නමුත් රට තුළ යම් ව්‍යසනයක හා කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබූ අවස්ථාවක මිනිස්කම තුට්ටුවකට මායිම් නොකර මුදල් පමණක් ගැන සිතූ කොන්දොස්තරවරයාගේ ක්‍රියා කලාපය බස් රථයේ සිටි බොහෝ පිරිසකගේ දැඩි දෝෂදර්ශනයට හා පිළිකුලට ලක්විය.



අදහස් (4)

බස්රියේ කිලෝමීටර් තුනක් යන්න රුපියල් 900 ක් අරන්

mahinda Wednesday, 24 April 2019 06:54 AM

මේ අය තමා මහා ප්‍රගතිශීලි මාෆියා ගැමුණුගේ බස්කර්මාන්තයේ තරම රටේ ඕනෑම ව්‍යවසනකාරි අවස්ථාවලදී ජනතාවට සේවාවන් අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී අසරණ මහජනයා සූරාකෑම මොවුන්ගේ එකම පරමාර්ථයයි.

:       3       224

sana Wednesday, 24 April 2019 08:10 AM

ඔතන වෙන පැත්තකුත් තිබෙනවා. බසය සීට් වල හිඳගෙන යාමට පමණක් සහ සීට් පිරුණු පසු වහාම ගමන් අරඹන බස් රථයක් නම් අතරමගදී නවත් වන්නේද නැත්නම් එක් මඟියෙක් හෝ ගමන්කරනා අතරතුර බැස්සොත් එම සීට් එක නැවත පිරවෙන්නේ නෑ. යම් හෙයකින් සිසුවිය ටිකට් අරගෙන තිබ්බා නම් වෙන්නේ මේ වගේම තත්ත්වයක් තමයි.

:       163       191

diasWednesday, 24 April 2019 10:37 AM

ඔබ කියන පැත්තයි, මනුස්සකමයි අතර ලොකු වෙනසක් තියෙනවා. මෙතන ඔබට වැටහෙන්නේ නැත්තේ මනුස්සකම කියන එකයි.

:       221       130

sanaWednesday, 24 April 2019 03:53 PM

ඔයා බස් එකක සම්පූර්ණ ගමනාන්තය යන්න ටිකට් අරගෙන මගදි හදිසියේ බැහැලා ගියොත් ඉතුරු දුරට ඔයාට සල්ලි දෙන්න ඕනෑද? ඒ වගේම දුර ගමන් සේවාවල ඔහොම කෙටිදුර යන්න ගන්නෙත් නෑ. බස් සේවකයින්ගේ වගකීම වෙන්නේ මගීන්ගේ ගමන අදාළ පිළිවෙලට යන්න සැලැස්වීම මිස ප්‍රශංසා බලාපොරොත්තු වීම නොවේ.

:       127       199

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site