පවිත්‍රා දේශානි
ගමන් ගත් මගී ප්‍රවාහන බස් රථයේ කොන්දොස්තර මහතා ඉතුරු මුදල් නොදුන්නාට කේන්ති ගෙන කොන්දොස්තර මහතාටත් බැණ අසල සිටී කාන්තාවකගේ බොරු කොණ්ඩයත් ගලවාගෙනම බස් රථයෙන් බැසගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් ගම්පහට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
අප කතානායකයා වයස අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියෙකි. ඔහුගේ ගමන බසයෙන් ය. පෞද්ගලික ආයතනයක ලිපිකරු රැකියාවක් කළ අයෙකි. හේ දැන් විශ්‍රාමිකයෙකි. විවාහ වී දරු තිදෙනකුගේ පියකු වන මොහුගේ බිරියඳ වසර කිහිපයකට ඉහතදී මිය ගොස් ය. දරුවෝ විවාහ වී වෙනම පදිංචිව සිටිති. වයසත් සමඟ පැමිණෙන රෝග වලට ගොදුරුව සිටින මොහු සතියකට වරක් හෝ රෝහලට යයි. ඒ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරික්සා ගැනීමටයි.
මොහු මහමඟ ගමන් ගැනීමට එක් බස් රථයකට හුරුව ඇත. ඔහු ගමනක් යන්නේ නම් හුරු පුරුදුව සිටින බස් රථයේම ගමන් කිරීමට පුරුදුව ඇත. ඒ බස් රථය නොමැති නම් පමණක් වෙන බස් රථයක ගමන්කොට ඇත. දවසක් දා මොහුට රෝහලට යාමේ උවමනාවක් සිදුව ඇත. හුරු පුරුදුව සිටින බස් රථය පැමිණෙන තෙක් රැඳී ඇත. හදිසි හේතූවක් මත එදින එම බස් රථය පැමිණ නොමැත. කිරීමට කිසිවක් නොවූ හෙයින් එදින වෙන බස් රථයක ගමන්කොට ඇත.
මාරු කාසි නොවූ හෙයින් ගමනට ගන්නා මුදලට වඩා මුදලක් කොන්දොස්තර මහතාට ලබා දී ඇත. එම අවස්ථාවේ කොන්දොස්තර මහතා ඉතුරු මුදල ලබා දී නොමැත. වරක් දෙවරක් ඉන්පසු අප කතානායකයා කොන්දොස්තර මහතා දෙස බලා ඇත්තේ ඉතුරු මුදලක් දේවී යන බලාපොරොත්තුවෙනි. නමුත් බසින අවස්ථාව වන තෙක් ඉතුරු මුදල් නොදුන් හෙයින් ඒ පිළිබඳව කොන්දොස්තර මහතාගෙන් විමසු විට ඔහු එය ගණන් නොගෙන ඇත.
එයට උරණ වූ අප කතානායකයා කොන්දොස්තර මහතාට බැනවැදී තමන් අත තිබූ කුඩයත් කෙළින් කර බැන බැන ම යන අවස්ථාවේදී අසල සිටි කාන්තාවගේ හිසේ කුඩේ මිට වැදී ඇත. කුඩමිටෙන් ඇය පැලඳි සිටි බොරු කොණ්ඩය ගැලවී වැටී ඇත. සිදු වූ දෙය සිතා ගැනීමට නොහැකි වූ ඇය ඉක්මනින් එය අහුලා ගෙන පැලඳ බස් රථයෙන් පිටව ඇත. ඉන්පසු පෙර සිදු වූ දෙය අමතක වී කේන්තියත් පහව ගොස් අප කතානායකයා බසයෙන් පිටත් වී ඇත. ඔහුගේ පවුලේ උදවිය මෙම සිද්ධිය මතක් කරද්දි පිළිතුරු ලෙස සිනහවක් දීමට ඔහු අමතක නොකරන බවයි ආරංචිය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බසයේ වලිය අස්සේ කතගේ බොරු කොණ්ඩය ගැලවිලා