දකුණු පළාතේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් අලුත්ගම සංචාරක හෝටලයක රාජකාරියට පැමිණි තරුණ මගියකුට වූ අපූරු සිදුවීමකි මේ. අලුත්ගම නගරයේදී බසයෙන් බැසීමට නියමිතව සිටි මගියාට බසයෙන් බැසීමට නොහැකි වූයේ අලුයම සිට පැමිණි නිසා නින්ද යාම හේතුවෙනි.
නින්දෙන් අවදිවී කලබලයට පත් තරුණයා මේ වන විට අලුත්ගම නගරය පසුකර කිලෝමීටරයක් පමණ බසය ධාවනය වී ඇති නිසා රථයේ රියැදුරාට තමන් පත් වූ ඇබැද්ධිය පවසා ඇති අතර කොන්දොස්තරවරයා පවසා ඇත්තේ මේ බස් රථය අතරමග නවත්තන්නෙ නැති නිසා බේරුවල නගරයෙන් බසින ලෙසය. තම අදහස් අත නොහැරි තරුණයා රියැදුරා ළඟට ගොස් එම ඉල්ලීම කර ඇති අතර ඔහු පවසා ඇත්තේ මේක ඕන ඕන තැන්වල නවත්වන්න බෑ යනුවෙනි. පසුව තරුණ මගියා දෙස බැලූ රියැදුරා පවසා ඇත්තේ වේගය බාලවූ ස්ථානයකදී බසයෙන් පැන ගන්නා ලෙසය. මේ වන විට රාජකාරි ස්ථානයට විනාඩි කිහිපයක් ප්‍රමාද වූ මගියා මොරගල්ල ප්‍රදේශයේ පාසල අසල මගීන් මාරුවන ස්ථානයේදී බසය වේගය බාල වූ විට පැන ඇති අතර ඔහුට අනතුරක් සිදුවී නැත.
(අලුත්ගම විශේෂ තුසිත කුමාර ද සිල්වා)
මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බසයේ නින්ද ගියාට අපූරු පාඩමක්
ඉමේෂ් Wednesday, 01 February 2017 04:34 PM
එ්ක අතරමැද නවතින්නේ කව්රුහරි නගින්න හිටියොත් විතරයි. අනේ මෙහෙමත් පොදු ප්‍රවාහන සේවාවක්. සල්ලිත් ගන්නවනේ තව. සේවාවක් නෙමෙයි. පොදු ප්‍රවාහන ව්‍යාපාරයක්. (නි)
රාධා Friday, 03 February 2017 12:24 AM
පුද්ගලික බස් රථවල කොන්දොස්තරවරුන් නැහැනේ දැන්. ඉන්නේ කොණ්ඩය වවාගත් කරාබු දැමූ විලාසිතාකාරයන්. ඔවුන් බස් රථයට නගිනතුරු පමණයි කරුණාව. ඊටපස්සේ යමපල්ලන්ගේ කන්දොස්කිරියාව (නි)
හිමාල් Wednesday, 01 February 2017 05:36 PM
මේක මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අවදානයට දාමුද? නැත්නම් පොලිස්පතිතුමාට දාමුද? (නි)
අබය Wednesday, 01 February 2017 10:17 PM
මම නම් රියැදුරාට දෙකක් ඇනලා බස් එක නවත්වා ගන්නවා. (නි)
ටෙෂාන් Wednesday, 01 February 2017 11:30 PM
කිසිම හිතක් පපුවක් නැති කොන්දොස්තරවරයෙක් (නි)
බමුණු ආරච්චි Thursday, 02 February 2017 02:14 AM
නමුත් පාරේ සිට කෙනෙක් අත ඉස්සුවා නම් ඔය රියැදුරු හරි කොන්දොස්තර හරි අගේට බස් එක නවත්වනවා ඇත. (නි)
අජිත් Thursday, 02 February 2017 09:30 AM
ඔන්න පුද්ගලීකරණය කිරීමේ රග, තව ලංගම වහන්නයි කල්පනාව... (ර)
සුජීව Wednesday, 01 February 2017 11:31 AM
පව් මටත් ඔය වගේ සිදුවීම් වෙලා තියෙනවා. (ර)
රේඛා Thursday, 02 February 2017 06:36 PM
නැන්දම්මා වගේ තමයි ප්‍රයිවට් බස්කාරයිනුත්. ඇතුළට ගන්නකම් තමයි හැම කරුණාවක්ම. (නි)
රන්ජිත් Friday, 03 February 2017 02:40 PM
මේ රට හදන්න බැහැ කවදාවත් (නි)
දිමුත් Monday, 06 February 2017 10:21 AM
කවුරුහරි මග නගින්න හිටියානම් බස් එක අපූරුවට නවත්වයි. (බ)
වික්‍රම Monday, 06 February 2017 11:50 AM
මේක කොහොමද හොඳ පාඩමක් වෙන්නේ? මේක මහා අමනුස්ස වැඩක් ඩ්‍රයිවර්ගෙයි කොන්දොස්තරගෙයි! (බ)
ජනහිත Thursday, 02 February 2017 05:49 AM
මෙවැනි දේවල් අඩුම තරමින් දුර බැහැර රැකියාවල නියුතු හැම කෙනෙකුටම වගේ ජිවිතේ එක වතාවක් හරි වෙලා තියෙන්න පුළුවන්. ඒ වෙලාවට කෙනෙකුට කරන්න පුළුවන් උදවුවක් තියනවා නම් කිරීම මනුෂ්‍ය ගතියක්. හැබැයි මඟදී ගැහැණු ළමයෙක් අත ඉස්සුවා නම් කොන්දොස්තර උත්තමයා කෑගහලා කියයි, "මචන් මචන්, දාගෙන යමු" කියලා. (නි)