වියලුව වාර්තාකරු
වන්දනා ගමනකට එක් වූ පිරිසක් සිය නඩේ ගුරා මහ මඟ දමා යාම නිසා ඔහුට මහ මග ගමන් ගත් බස් රියකින් ගමන් කර තම නඩය සොයා යෑමට සිදු වූ බව කියැවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු වන්දනා ගමන් රාශියක් සංවිධානය කළ පළපුරුදු වන්දනා ගමන් සංවිධායකයෙකි. නැතහොත් නඩේ ගුරෙකි. තම ගම්මානයේ පිරිස් පමණක් නොව අහල ගම්වල පිරිස් ද සහභාගි කර ගනිමින් වසරක දී වන්දනා ගමන් කිහිපයක්ම සංවිධානය කළේ එය ඔහුගේ ආදායම් මාර්ගයේ කොටසක් ද වූ බැවිනි.
පසුගිය දිනක ගමේ බාල මහලු තරුණ පිරිස සිරිපා කරුණා කිරීම සඳහා කැඳවාගෙන ගියේ ඔහු විසින් ම සූදානම් කරනු ලැබූ පෞද්ගලික බස් රථයකිනි.
උදෑසනින්ම ගමන පිටත් වූ පිරිස නුවරඑළිය සිට හැටන් බලා ගමන් ගනිද්දී එක්වරම බස් රථයේ රෝදය පුපුරා වාහනය කාර්මික දෝෂයකට ලක් වූයේ ගමන මදක් පමා කරමිනි. කෙසේ හෝ අමතර රෝදය සවි කර ගනිමින් හා පුපුරා ගිය රෝදය යළි සකස් කර ගනිමින් ගමන යළි ආරම්භ වන විට පැය දෙකකට ආසන්න කාලයක් ගතව තිබිණි.
ගමන ආරම්භයේ සිටම බස් රථයේ තිබූ විවිධ දෝෂ නිසාත් රෝදයක් පුපුරා යාමෙන් ගමන ප්‍රමාද වීම නිසාත් බසයේ ගමන් ගත් තරුණ පිරිස පසු වූයේ දැඩි කනස්සල්ලෙනි.
ඒ නිසාම ගමන් සංවිධායකයාට කිසියම් දඬුවමක් දිය යුතු යැයි ගමනට එක්වූ තරුණ පිරිස කතිකා කර ගත්තේ බසයේ අබලන් වූ රෝදය අලුත්වැඩියා කරන අතරවාරයේ දීය.
අලුත්වැඩියාව අවසන් වීමත් සමගම කඩිමුඩියේ බසයට ගොඩවූ තරුණ පිරිස බසයේ පැමිණි සියලු දෙනාම බසයට ගොඩවී ඇතැයි රියදුරුට දන්වමින් ඉක්මනින් පිටත්වෙමු යැයි රියදුරුට සංඥා කළේ ඒ වන විටත් කිසියම් කටයුත්තක් සඳහා රෝදය අලුත්වැඩියා කළ වෙෙළඳසලට යාබද වෙනත් වෙෙළඳ සලකට ගොස් සිටි නඩේගුරා බස් රථයට ගොඩ වන්නටත් මත්තෙනි.
තම කටයුත්ත නිමා කොට වෙළෙඳ සලෙන් පිටතට පැමිණි නඩේ ගුරාට දැකගන්නට ලැබුණේ බස්රථය අතුරුදන්ව අති අයුරුයි.
කෙසේවෙතත් සිදුවී ඇති කාරණාව අත්දැකීමෙන් අවබෝධ කරගත් නඩේ ගුරා මාර්ගයේ ගමන් ගත් බස් රථයකින් නල්ලතන්නිය බලා පැමිණෙන විට සිද්ධියට වගකිවයුතු තරුණ පිරිස සිරිපා ගමනේ හරි අඩක් පමණ කරුණාකර තිබුණේ නඩේ ගුරාට අසුවුවහොත් ලුණු ඇඹුල් ඇතිව අසාගන්නට සිදුවන බව දන්නා හෙයිනි.
2025 නොවැම්බර් මස 04
50
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බසයේ නඩේ ගුරා පයින් බඩගාලා