IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බසයට දඩ කොළය දුන්නාම මගීන් ප්‍රාණ ඇපයට අරන්

පෞද්ගලික බස් රථයකි. රියැදුරු, කොන්දොස්තර දෙදෙනාම තරුණයෝ. වේගයෙන් පැමිණි බස් රථය තලාහේන කනත්ත පසුකර ඉදිරියට ඇදෙන්නට විය. පොලිස් රථයක් අසල සිටි පොලිස් නිලධාරීහු වහාම බසය නැවැත්වූහ. “ඇයි නැවැත්තුවේ. කොන්දොස්තර චණ්ඩියකු විලසින්  විමසීය.


“බස් එකේ ඩිම් ලයිට් නැහැ. මේ රෑ හෙඞ් ලයිට් දාගෙන එළවන්න පුළුවන්ද? විමසූ නිලධාරියෙක් දඩ කොළය ලියන්නට විය. රියැදුරාද එතැනට පැමිණියේය.


“දඩ කොළ නම් ලියන්න එපා. කනේ කරාබුවක් පැළඳ සිටි කොන්දොස්තර පැවසීය. “ඇයි ලියන්න එපා කියන්නෙ. එහෙම පුළුවන්ද? එක් පොලිස් නිලධාරියෙක් කීය.


“දඩ කොළයක් ලිව්වොත් අපි බස් එක හොල්ලන් නැහැ. මෙතනම තියෙන්න අරිනවා. එතකොට බස් එකේ ඉන්න මිනිසුන්ට තමයි ප්‍රශ්නේ. කොන්දොස්තර වීරයෙකු සේ පැවසීය.


රැකියාව නිමා කර වෙහෙස මහන්සි වී යන මගීන් ගැන අනුකම්පා කළ පොලිස් නිලධාරීහු බසය මුදාහැරියහ. බසය පිටත් විය.


එතැන රැස්ව සිටි බොහෝ දෙනෙක් කොන්දොස්තරගේ නොහික්මුණු කතාවට අප්‍රසාදය පළ කළහ. ‘මුං නිල ඇඳුමකටවත් ගරු කරන්නැහැනේ. කොන්දොස්තර නම් කුඩු ගහපු එකෙක්. දැන් මුන් වැරදි කරලා මගීන්වත් ප්‍රාණ ඇපයට ගන්නවනේ අයෙක් පැවසීය.


“වැඩ ඉවර වෙලා මහන්සියෙන් යන මිනිස්සු නිසයි අපි එයාලට යන්න දුන්නේ” එක් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ක්‍රිස්ටෝපර් සිපියන්



අදහස් (4)

බසයට දඩ කොළය දුන්නාම මගීන් ප්‍රාණ ඇපයට අරන්

taxi Saturday, 05 October 2019 06:49 AM

තුන් ගොල්ලම වැරදිනේ මෙයා.

:       1       14

අබිලින්Saturday, 05 October 2019 12:30 PM

අවපාතකළ ආලෝකය හෙවත් ඩිම්ලයිට් දැමීමනම් රාත්‍රියේ ධාවනය කරන බස්වල පමණක් නොව ඉහළ වටිනාකම් ඇති කිසිම වාහනයක දකින්න නැහැ. මේවාට නීති ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. මෙම වරදටත් 25000ක් දඩයක් නියම කරන්න. ඒ සමගම මෙහිදී වරදකළ නිලධාරීන් දෙදෙනාටත් දඬුවම් කරන්න.

:       0       119

මල්හාමි Sunday, 06 October 2019 07:40 AM

අවපාත ආරෝහණ අපනයන...

:       4       3

SLMonday, 07 October 2019 03:20 AM

වහනයක් පදවලා තියෙනවද ? ලංකාවේ පාරවල් වල අවම ආලෝක තත්වයත් නැතිව තිබෙද්දී ඩිම් කරගෙන යන්න කියන එක මහා විහිළුවක්.ඩිම් ලයිට් එක්ක ගියොත් ඉස්සරහින් තියෙන වාහනේ ,පාරේ යන මිනිසුන්, සතුන් ලඟට එනකල් පෙනෙන්නේ නැහැ තියෙන ආලෝක තත්වයත් එක්ක.කොහොම වෙතත් නීතියට අනුව නගර බද ඇරෙන්න, ඉදිරියෙන් වාහන නැතිනම් ඩිම් කරගෙන යන්න කොහොමත්ම උවමනාවක් නැහැ. හැකියාවකුත් නැහැ.

:       44       74

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site