IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බස්පොළේ කත රත්රන් ගැටේකට අහුවෙලා

(තලාතුඔය – ටී.එච්. සරත්)
ගෙල බැඳි රන් මාලයට පෙන්ඩණයක් ගෙන දෙන බව පවසා වයස අවුරුදු හැටක පමණ කාන්තාවක් තලාතුඔය නගරයට කැඳවාගෙනවිත් ඇයගේ රන් මාලය ද රැගෙන පලාගිය පුද්ගලයකු පිළිබඳව පුවතක් තලාතුඔය නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසලකින් වාර්තා වේ. 


නිවසට යාම සඳහා මහනුවර බස් නැවැතුමේ සිටි කාන්තාවක අසලට පැමිණි පුද්ගලයකු තමා ඇති තරම් මුදල් හදල් ඇති අයකු බවත් තමන්ගේ මව සහ පියා මියගොස් ඇති බවත් තමා මව්පියන් වෙනුවෙන් පින් දහම් කරන බවත් පවසා එම කාන්තාවගේ ගෙල බැඳි රන් මාලයට පෙන්ඩණයක් අරන් දීමට කැමැති බවත් පවසා ඇය තලාතුඔය නගරයට කැඳවාගෙනවිත් තිබේ. 


අනතුරුව මෙම වංචාව සිදුකළ තැනැත්තා නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසල් කිහිපයකට ඇය ගෙන ගොස් එක් ස්වර්ණාභරණ වෙළෙඳසලකින් රන් පෙණ්ඩන්වල මිල ගණන් විමසා තමන්ට උසස් ප්‍රමිතියකින් යුත් වටිනා පෙන්ඩණයක් අවශ්‍ය බව පවසා ඇත. 


ස්වර්ණාභරණ වෙළෙඳසල් හිමිකරු විවිධාකර රන් පෙණ්ඩන් පෙන්වා ඇති අතර කාන්තාවගේ රන් මාලය ගලවා එයට සරිලන සේ පෙන්ඩණයක් තේරීමට එකින් එක පෙණ්ඩන් මාලයට දමා හැඩ බලා ඇත. එහෙත් තමන්ට ගැළැපෙන රන් පෙන්ඩණයක් නැතැයි පවසා ඇති ඔහු ප්‍රමාණයෙන් විශාල ධර්මචක්‍ර මුද්‍රාව ඇති පෙන්ඩණය අවශ්‍ය බව පවසා වෙනත් ස්වර්ණාභරණ වෙළෙඳසලකට යමු යැයි කියා ඇයගේ රන් මාලය ද තම අතට ගෙන පිටව ගොස් ඇය මහමඟ තනිකර අතුරුදන් වී තිබේ. 


එම කාන්තව නැවත පෙර කී ස්වර්ණාභරණ වෙළෙඳසලට පැමිණ සිද්ධිය පවසා ඇති අතර ඔවුන් සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කළ ද එම පුද්ගලයා මුහුණු ආවරණයක් පැළඳ සිටි නිසා හඳුනාගැනීමට නොහැකිව ඇත. අනතුරුව ඇය බස් රථයක නැගී පිටව ගොස් ඇත.



අදහස් (0)

බස්පොළේ කත රත්රන් ගැටේකට අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site