IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බලෙන් ගරුත්වය ගන්න ගිහින් බනිස් කට්ලට් ගඟේ පාවෙලා

ගමේ අනෙකුත් සමාජ සේවකයින්ට වඩා කැපී පෙනෙන්නට ගොස් තිබුණු ජනතා ප්‍රසාදයත් මුදලුත් නැතිකර ගත් සමාජ සේවිකාවක පිළිබඳ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
පෞද්ගලික ආයතනයක කලක් සේවය කර විශ්‍රාම ලැබූ මැය ගමේ සමාජ සේවයට එක්වුණෙත් තමන්ට අහිමි වූ ගරුත්වය ලබා ගැනීමේ අරමුණෙනි. ගමේ ක්‍රියාත්මක ස්වේච්ජා සංවිධාන කීපයක ඉහළ නිලතල ලබා ගත හොත් එම ගරුත්වය තමන්ට ලැබේයැයි සිතූ මැය ගමේ කීප දෙනකු සමඟ ඇති කරගත් ඇයි හොඳයිය මත සමිති දෙකක ඉහළ තනතුරු ලබා ගැනීමට හැකි විය.
මේ අතරේ ගමේ ආගමික වැඩසටහන් කිපයක් ක්‍රියාත්මක විය. ඇති හැකි අය මෙන්ම නැති බැරි අයද මෙම කටයුත්තට දායක වී කටයුතු කළ අතර ඔවුන්ට පුළු පුළුවන් අයුරින් එදින සවස තමන්ගේ නිවසට පැමිණෙන ගමේ අයට සංග්‍රහ කිරීමට නිවැසියෝ කටයුතු කළහ.


මේ අතර ඇය කල්පනා කළේ ගමේ අනෙක් අයට වඩා තමන් මේ ආගමික කටයුත්තේදී ඉතා ඉහළින් ගමේ අයට සංග්‍රහ කර උසස් තත්වයක් ගමේ ප්‍රභූවරුන් ඇතුළු අනෙක් අයගෙන් ලබා ගැනීමටය. මෙදින සවස තම නිවසට පැමිණෙන අයට සංග්‍රහ කිරීමට විශාල මුදලක් වැය කර දෙසීය දෙනෙකුට පමණ සරිලන තේ පැන් සැපයීමට අවශ්‍ය ආහාර පාන සකස් කරගනු ලැබීය. එහෙත් ඇය අපේක්ෂා කළ පරිදි ගැමියෝ ඇයගේ ආගමික කටයුත්තට එදින සවස එම නිවසට නොපැමිණියහ. පැමිණ සිටියේ ඉතා සුළු පිරිසකි. මෙයින් දැඩි සේ ඇය පීඩාවට පත්වූවාය.
පසු දින උදේ ගම අසලින් ගලා යන ගඟේ මාළු බනිස්, කට්ලට් ඇතුළු විවිධ ආහාර වර්ග පාවෙන අයුරුත් ඇතැම් ආහාර මාළුවන්ගේ හා රිළවුන්ගේත් ආහාරයට පත්වෙන අයුරුත් ගැමියන්ට දැක ගත විය.
මෙම පුවත ගමේ අයගේ රසවත් බයිට් එකක් බවට පසු දින සිට පත් වූයේ නැති ගරුත්වයක් ලබා ගැනීමට සමාජ සේවයක් ගැන නොදත් ගමේ අයගේ ප්‍රසාදයක් බලෙන් ගන්නට ගිය කාන්තාවකට තිබුණු ප්‍රසාදයත් අතේ තිබුණු මුදලකුත් අහිමි වූ බව කියමිණි.

 

හසලක  -  සුනිල් ඒකනායක



අදහස් (0)

බලෙන් ගරුත්වය ගන්න ගිහින් බනිස් කට්ලට් ගඟේ පාවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site