IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


බ්රියට මනමාලකම් කරන්න ගිහින් කුඩේ කැඩෙනකන් කාලා

කොරෝනා ව්‍යසනය අපේ රටටද දැනෙන්නට වූ මුල් කාලයයි. ඇඳිරි නීතිය මෙන්ම මුහුණු ආවරණ ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත දෑ ජනතාවට නුහුරු අත්දැකීමක් විය.


දින ගණනක් පැවති ඇඳිරි නීතිය ඉවත් කළ දිනයේ මාර්ගය ජනාකීර්ණ වන්නට විය. ඒ ජනතාව සිය අවශ්‍යතා සඳහා වෙළෙඳසල් කරා ඇදීම හේතුවෙනි.


රැකියාවද අහිමිව දින කිහිපයක් නිවසටම වී කාලය ගතකළ මේසන් බාස් කෙනකුට ඇතිවූ කම්මැලිකම නිසාම නිවසින් එළියට බැස්සේ අරමුණකින් තොරවය. ඔහු පාර දිගේ ඔහේ  ඇවිදගෙන ගියේය. එක්වරම තමා ළඟ නැවැත්වූ යතුරුපැදියක් නිසා විමසිලිමත් විය. මුව ආවරණයක් පැළඳ සිටියද තම පැරැණි මිත්‍රයා හඳුනා ගැනීමට අපහසු නොවීය. කලකට පෙර කොළඹ ප්‍රදේශයේ  ඉදිකිරීම් ව්‍යාපෘතියකදී හමුවී හඳුනාගත් මොහු මෙම ගමට ගම් කිහිපයක් එහා ගමක පිටතින් පැමිණ විවාහයක් කරගෙන පදිංචි වූවෙකි. 


මේ හමුවීම මිතුරන් දෙදෙනාටම දැඩි සතුටක් ගෙන දෙන්නක් විය. හෙල්මටයක්ද දී යතුරුපැදියට නගින ලෙස මිතුරා  ඇරයුම්  කළේය. එහෙත් මේසන්බාස් මුහුණ වැස්මක් පැළඳ නොසිටීම ගැටලුවක් විය. පොලිසියෙන් පරීක්ෂා කිරීම් හේතුවෙනි. මිතුරාට නුවණක් පහළ විය. ඔහු සිය බසියිකලයේ කණ්ණාඩිය පිස දමන ලේන්සුව ගෙන එයින් මුහුණ ආවරණ කර ගැනීමට සැලසුවේය. දැන් නිකං අරාබි කාරයෙක් වගේ කියා විහිළුවක්ද කර දෙදෙනා බයිසිකලයේ නැගී ඉදිරියට යන්නට වූහ.


සති පොළට ගොස් බඩු මල්ලක්ද තුරුලු කරගෙන පැමිණෙන තම බිරිඳ දුටු මේසන්බාස් ‘‘මචං අර දුරින් එන රතු බ්ලවුස් එකක් ඇඳන් ඉන්නේ මගේ වයිෆ්‘‘ පොඩ්ඩක් නතර කරපං’’ තම තරුණ බිරිඳට විහිළුවක් කිරීමට සිතු මේසන්බාස් බයිසිකලය ඒ අසලට යද්දි බිරිඳ අත තිබූ බඩු බෑගයෙන් ඇද්දේය. ශරීරයේ ළමැද පෙදෙස ස්පර්ශ වීමෙන් කිපුණු ඇය ඔරවා  බැලුවාය. හඳුනා  ගත නොහී මොවුන් සතිපොළේ කෙල්ලන්ට විහිලු කර ඇවිදින ගැටවුන් යැයි සිහියට නැගුනි.


‘හිටපිය මනමාලකම යන්න’ කියා ඇය අත තිබූ කුඩය ගෙන පහර පිට පහර දෙන්නට  විය. මින් අන්දමන්ද වූ යතුරු පැදිකරු බයිසිකලය නතර කොට මේසන්බාස්ගේ මුහුණ බැඳි ලේන්සුව ඉවත් කළේය. වික්ෂිප්තවූ කාන්තාව අත් දෙක ඔළුවේ ගසා ගත්තාය. ඇස් දෙකෙන් සට සට ගා කඳුළු වැටෙන්නට විය. ලොකු වරදක් වුණේ. විහිළුව මෙතරම් දුරදිග යතැයි මේසන් බාස් කිසිසේත් නොසිතන්නට ඇත. 
පස්ගොඩ තිලක් එච්. ගමගේ. 



අදහස් (0)

බ්රියට මනමාලකම් කරන්න ගිහින් කුඩේ කැඩෙනකන් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1881 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site