(වියලුව වාර්තාකරු)
බිරිඳ සමග අමනාපව වස බොන බව පවසා නිවසින් පිටව ගිය පුද්ගලයකු පදම වැඩි වී කිතුලක් මුල හතරගාතෙන් වැටී සිටිය දී බිරිඳ හා දරුවන් විසින්ම ඔහු නිවසට රැගෙන ආ බව කියවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු ගම්බද ප්‍රදේශයක කුලී වැඩ කරමින් ජීවත් වන්නෙකි. කුලී වැඩ කිරීමෙන් උපයාගන්නා මුදලින් වැඩි ප්‍රමාණයක් වැය කළේ මත්පැන්වලටය. ඒ නිසාම නිරන්තරයෙන් බිරිඳගේ රැවුම් ගෙරවුම්වලට ලක් වන්නට ඔහුට සිදුවිය.
බිරිඳගේ රැවුම් ගෙරවුම් ඉවසාගත නොහැකි වූ හෙතෙම ජීවිතය පිළිබඳ තීරණයක් ගත්තේ ඒ පිළිබඳව බිරිඳට මෙන්ම දරුවන්ට ද පාඩමක් ඉගැන්වීමටය.
ඔහුගේ හැටි දන්නා බිරිඳ මෙන්ම දරුවන් ද එය ගණනකට නොගත්තේ එය ඔහුගේ තවත් උප්පරවැට්ටියක් යයි එකිනෙකාට පවසමිනි.
‘අද නම් මැරෙන එක මැරෙනවා.’ යැයි පවසමින් නිවසින් පිටව ගිය ඔහු පැය හත අටක් ගතවෙද්දීත් නිවසට නොපැමිණීම නිසා බිරිඳ මෙන්ම දරුවෝ ද කලබලයට පත්වූහ.
ඔහු යන එන තැන් ගැන දන්නා බිරිඳ සහ දරුවෝ ඔහු පිළිබඳ විපරම් කරමින් ඒ දෙසට දිව ගියේ මඟතොටේදී හමු වූ පිරිසගෙන් ද ඔහු ගැන විමසමිනි.
පදම ඉක්මවා කිතුල් රා පානය කළ ඔහු ගමේ කිතුලක් යට මර නින්දේ පසුවන බව බිරිඳට සහ දරුවන්ට දැනගන්නට ලැබුණේ අසල්වැසියකුගෙනි.
සතෙක් සර්පයෙක් දෂ්ට කරාවි යැයි සිතූ ඔවුන් ඔහු සොයා කිතුල අසලට යද්දී ඔහු ඒ වන විටත් මර නින්දේ පසුවනු දැකගන්නට ලැබිණි.
බිරිය, දරුවන් හා එක්ව ඔහු වත්තම් කරගෙන නිවසට රැගෙන ආවේ ඔහුට තව තවත් දෙස් දෙවොල් තබමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බිරියගේ කරච්චලේට මැරෙන්න ගිය සැමියා කිතුල යට මර නින්දේ