විදෙස් රටක රැකියාවකට යන බව කියා නිවසින් ගොස් අවුරුදු 17කට පසු නිවසට පැමිණි සැමියාගෙන් බිරිඳ ‘නිරෝධායන’ සහතිකය ඉල්ලා සිටීමේ පුවතක් කටුගස්තොට පොලිසිය කළ පරීක්ෂණයකින් හෙළිවෙයි.
කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි මොහු දෙදරු පියෙකි. වරක් විදෙස් රටකට වසර දෙකක් සේවය කර පැමිණි මොහු ටික දවසකින් නැවත වෙනත් රටකට යන බව පවසා නිවසින් ගොස් තිබේ. ටික දවසක් යන විට නිවස සමග සම්බන්ධතා නැවතුණ අතර ඔහු විසින් බැංකුවට උකස් කරන ලද රත්‍රන් භාණ්ඩ බේරාගන්නා ලෙස දන්වමින් බිරිඳගේ නිවසට ලිපි ලැබෙමින් තිබිණ. විදෙස්ගත තම සැමියා රන් භාණ්ඩ උකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැක සිතූ බිරිඳ ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටියාය.
මේ අතර පසුගිය දිනෙක ඔහු හදිසියේ නිවසට පැමිණ ඇත්තේ තමන් විදෙස් රටේ සිට යළි ලංකාවට පැමිණි බව ප්‍රකාශ කරමිනි.
සැමියා ගැන යම් සැකයකින් පසුවූ බිරිඳ, ‘විදෙස්ගතව සිට පැමිණියානම් කෝ නිරෝධායන සහතිකය’ යි සැමියාගෙන් අසා තිබේ. ඒ සමගම අන්දුන් කුන්දුන් වී ඇති සැමියාට තවදුරටත් සත්‍ය වසන්කර ගන්නට නොහැකි වී තිබේ. මේ වන විට අසල්වාසීන්ද එම ස්ථානයට පැමිණ ඇති අතර සැමියාව පොලිසියට බාරදෙනු ලැබ තිබේ.
එහිදී හෙළි වී ඇත්තේ විදෙස් රටකට යන බව පවසා සැමියා පසුගිය වසර 17ක් පුරාම අනියම් බිරියක සමග ලංකාවේම වෙනත් පළාතක පවුල් කා ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බ්රිඳ සැමියාගේ නිරෝධායන සහතිකය ඉල්ලුවාම 17 වසරක රහස දොට්ට පැනලා