IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බිරිඳ අනියම් සැමියාටදී සැමියා රතිඤ් පත්තුකරලා

පෝද්දල සරත් ආනන්ද ගමගේ
අනියම් සම්බන්ධයක් ඇති කරගත් විවාහක බිරිඳ  පොලිස් පොතේ ලියා අනියම් පුරුෂයාට බාරදී ඔවුන් දෙදෙනා පිටත්ව යන අවස්ථාවේ තම ඥාති හිතවතුන් සමග රතිඤ්ඤා දල්වමින් ප්‍රී්‍රතිය පළකල සැමියකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වේ.  


ශබ්ද විකාශන  යන්ත්‍ර කුලියට දෙන ව්‍යාපාරයක් සිය ගම් ප්‍රදේශයේම පවත්වාගෙන යමින් සිටි අපේ කතානායකයා විවාහ වී සිටියේද  ඒ ආසන්නයේම ගමකිනි. විවාහයෙන් දරුවන් තිදෙනෙකුද ලබා සිටි මෙම යුවළගේ වැඩිමහල් දියණියට වයස අවුරුදු 15කි.


සාර්ථක විවාහ දිවියක් ගෙවමින් සිටි මෙම යුවළගේ කැදැල්ලට  කණකොකා හඬන්නේ ඇගේ මව රෝගීවීමත් සමගය. රෝහල්  ගත කරන ලද මවගේ සාත්තුවට රෝහලේ නතරවන ඇය මවගේ ඇඳ අසල අනෙක් ඇඳේ  සිටි රෝගී මවක බැලීමට එන පුතෙකු සමග හාදකමක් ඇතිකර ගන්නීය. මෙම කාන්තාවගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අගනුවර ජාතික රෝහල වෙත මාරුකර යැවූ අතර අනෙක් ඇඳේ සිටි රෝගී මව මියගියාය. ඇගේ පුතා අනෙක් මව ළඟ සිටි කාන්තාව අතර ඇති වූ සම්බන්ධය ජාතික රෝහලේදී දළුලා වැඩී ඇත.


මාස දෙකහමාරක්ම කොළඹ සිටි මව ඇගේ නිවසට රැගෙන ඒමෙන් පසු දියණිය තම නිවසේ රැඳී නොසිට නිතර නිතරම මව බැලීමට යන බව පවසමින් නිවසින් පිටව යාම පිළිබඳව සැක සිතූ ඇගේ ස්වාමි පුරුෂයාට ඇගේ අනියම් ඇසුර පිළිබඳ තොරතුරු සොයා ගත්තේය. 


ඇගේ ජංගම දුරකතනයේ තිබුණු සිම් කාඩ්පතක් ඔස්සේ අනියම් සැමියා හඳුනා ගන්නා ඔහු එම පුද්ගලයා සමගද කතාබහ කර බිරිඳගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඇති වූ කතා බහ දුරදිග ගොස් බිරිඳ සිද්ධිය පොලීසියටද පැමිණිලි කර ඇති අතර ඔවුන්ට දරුවන් ගැන සිතා සමගියෙන් සිටින ලෙස පොලිසිය දැනුම්දී ඇත. අනියම් ඇසුර පවත්වාගෙන යාම සඳහා මෙම කාන්තාව ඇඟලුම් කම්හලක රැකියාවකටද යොමුවී ඇත.


අවසානයේ ඇය ස්වාමියාගේ දෙපා වැඳ සියල්ල හෙළි කර ඇත. ඇගේ ප්‍රේමවන්තයා ඇය බාරගැනීමට කැමති නිසා ඔහු සමග යන බවත් දරුවන් තිදෙනාද රැක බලාගෙන සිටින ලෙසත් සැමියාට පවසා ඇත.


සැමියා සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව තිදෙනාම පොලීසියට කැඳවා නැවත සමාදාන කිරීමට උත්සාහ කළද ඇය තමාට ප්‍රේමවන්තයා සමග යාමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියාය. ඇය ප්‍රේමවන්තයා සමග යන බවත් ප්‍රේමවන්තයා ඇය බාරගන්නා බවත් පොලිස් පොතේ ලියා දෙදෙනා පිටත්ව ගියහ. 


මේ අවස්ථාවට එක්ව සිටි විවාහක සැමියාගේ ඥාති හිතවතුන් විසින් රතිඤ්ඤා දල්වමින් සතුට ප්‍රකාශ කළ  පුවතද ප්‍රදේශයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. 



අදහස් (0)

බිරිඳ අනියම් සැමියාටදී සැමියා රතිඤ් පත්තුකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17826 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site