IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බනිසයේ හොරකමට බනිස් 10 ක් තෑගි ලැබිලා

හබරාදුව – බී.එච්. රම්‍යා
වෙළෙඳසලකින් බනිස් ගෙඩියක් සොරාගත් කුඩා දරුවකුට වෙළෙඳසල් හිමියා බනිස් ගෙඩි දහයක් පාන් ගෙඩි පහක් ලබාදී මීට පසු කිසිම දවසක සොරකම් කිරීම නොකරන ලෙසට දැඩි ලෙස අවවාද කර හිස අතගා පිටත් කර යැවීමේ සිද්ධියක් හබරාදූව ප්‍රදේශයෙන් වාර්තා වේ.
හබරාදුව ප්‍රදේශයේ පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන අලෙවිකරන වෙළෙඳසලකට පැමිණි අවුරුදු දහයක් පමණ වයසැති දරුවෙක් මුදල් දී අයිස් පැකට්ටුවක් මිලදී ගත්තේය.
අයිස් පැකට්ටුවකමින් වෙළෙඳසලෙන් පිටවෙමින් සිටි දරුවා එකවරම එහි මාළු පාන්, බනිස්, කිඹුලා බනිස් පෙට්ටියක් තිබෙනු දැක ඉන් බනිස් ගෙඩියක් වටපිට බලා කිසිවකු නැති තැන හොර රහසේම ඉනේ ගසා ගත්තේය. එහෙත් වෙළෙඳසල්හිමියා එහි වූ සී.සී.ටී.වී. කැමරාව සම්බන්ධ රූපවාහිනී තිරයෙන් කොලු‍ ගැටයා කළ සොරකම හොඳින් දැක්කේය. වහා මිදුලට ආ වෙළෙඳසල්හිමියා කොලු‍ ගැටයා වෙළෙඳසල තුළට කැඳවා ගෙන ගියේ අතින් අල්ලාගෙනය.
කොලු‍ ගැටයා බියෙන් වෙව්ලන්නට විය.
මෙහිදී කොලු‍ ගැටයා ඇමතූ වෙළඳසල් හිමියා ‘මම ඔයා කරපු ඔක්කොම මේ ටීවී එකෙන් බලාගෙන හිටියා. ඇයි දරුවෝ එහෙම හොරකම් කරන්නේ? ඉල්ලු‍වානම් දෙනවනෙ. මීට පස්සෙ කාගේවත් දෙයක් හොරකම් කරන්න හිතන්න එපා’ යැයි පැවසුවේ අවවාදාත්මක ස්වරයෙනි.


දරුවා හිස සලමින් වෙළෙඳසල්හිමියාගේ අවවාදය පිළිගත්තේය. කරුණාවන්ත වෙළෙඳසල්හිමියා අවවාදය දීමෙන් නැවතුණේ නැත. ඔහුට බනිස් ගෙඩි දහයක් පාන් ගෙඩි පහක් ලබාදී ‘මේවා ගෙදර ගෙනිහිල්ලා ඔක්කොම එක්ක කන්න’ යැයි පැවැසුවේ ඔහුගේ හිස අතගාමිනි.
බනිස් ගෙඩි දහය පාන් ගෙඩි පහ අතට ගත් දරුවා සතුටු සිතින් වෙළෙඳසලෙන් පිටව ගියේ වෙළඳසල්හිමියා දෙස ගෞරවපූර්වක බැල්මක්ද හෙළන ගමන්මය. වෙළෙඳසල්හිමියා එතනින් නැවතුණේ නැත. ඔහු එම දරුවාගේ පවුලේ උදවිය සොයාගෙන ඔවුන්ටද විවිධ ආකාරයට උදව් කළේය.



අදහස් (4)

බනිසයේ හොරකමට බනිස් 10 ක් තෑගි ලැබිලා

Banda Tuesday, 28 November 2023 01:39 PM

මේ කොයි කාලෙ කතාවක්ද? දැන් ඉන්න වෙළෙන්දො නම් මෙහෙම නෑ... එක්කො කීප දෙනෙක් ඉතිරි වෙලා ඇති නේද???

:       2       27

නුවර කුමාරිහාමි Wednesday, 29 November 2023 05:38 AM

උතුම් මිනිසුන් මේ මිහිතලයේ තාමත් ඉන්නවා....2030 වෙද්දි...මුලු ලෝකෙම පස් යට මිහිදන් වෙද්දි......ඉතුරු වෙන කිහිප දෙනාගෙන් කෙනෙක් වෙන්න ඕනෙ මේ උතුම් මිනිසා.....!!!

:       1       18

නිහල් පිරිස් Thursday, 30 November 2023 10:14 AM

නියම වැඩක් රටටම ආදර්ෂයක්

:       0       7

chandima Friday, 01 December 2023 01:03 AM

කොල්ලා දිගමට එයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site