එළවළු සහිත බත් එකක් ආහාරයට ගැනීමට ආ කාන්තාවකට තම බත්පත අනුභව කිරීමට ආපන ශාලාවෙන් ‘චිලිපේස්ට්’ හෝ බැදපු මිරිස් කරලක් නුදුන්නේ යැයි කියන සිද්ධියක් මත බත් පිඟාන සම්පූර්ණයෙන්ම කා දමා මුදල් නොගෙවා ගියේයැයි කියන පුවතක් මහනුවර නගරයෙන් වාර්තා වුණි.
සිද්ධිය මෙසේය.

කාන්තාව තරමක් මැදිවියේ පසුවන්නියකි. නවීන පන්නයේ ඇඳුම් ආයිත්තමින් සැරසුණු ඇය ඉකුත් සෙනසුරාදා දිනෙක මහනුවර නගරයට පැමිණියේ කිසියම් වූ රෝගයකට ප්‍රතිකාර ගැනීමටය. පේරාදෙණිය පාරේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිය ඈ තම රාජකාරිය නිමවා පිටතට එනවිට පස්වරු එකත් පසුවී තිබුණි. හොඳටම බඩගිනි දැනුණු ඇය තමන් අත වූ වෛද්‍ය සහතික ආදිය ද එල්ලාගෙන අසල වූ ආපනශාලාවකට ගොඩවැදුණේ කුසගින්න නිවාගන්නා අදහසිනි.
මුලින්ම ‘ෆ්‍රයිඞ් රයිස්’ එකක රස බැලීමට සිතුණු ඇය එහි සේවකයකුගෙන් ඒ ගැන විමසද්දී කියූ මිල ගණන් අනුව “අපෝ ෆ්‍රයිඞ් රයිස් එපා. මට එළවළු කෑම එකක් දෙන්න’ යැයි කීවාය. ඇගේ ඉල්ලීම මත අදාළ සේවකයා එළවළු කෑම එකක් බෙදාගෙනැවිත් ඇයට දුන් අතර කාන්තාව ද වටපිට බලමින් ඒ ගැන වැඩි සතුටක් හෝ අසතුටක් ද නොපෙන්වමින් බත් පිඟාන හිස් කරන්නට වූවාය. බත් පිඟානේ හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් හිස්කළ ඇයට එතුළ තවත් ඉතිරිව තිබුණේ බත්කටවල් තුනක් හෝ හතරක් පමණි.
එක්වරම අදාළ කත “කෝ අනේ! මට මේක කන්න චිලි පේස්ට් ටිකක් දෙන්නකෝ” යැයි ඇවිටිලි කළාය.
“මෙහෙම නිකන්ම මේක කන්න බෑනේ” යැයි ද ඇය කී අතර එවිට හෝටල් සේවකයා කීවේ “චිලි පේස්ට් දෙන්නේ ෆ්‍රයිඞ් රයිස්වලට විතරයි” යනුවෙනි.
“එහෙනම් බැදපු මිරිස් කරලක්වත් දෙන්නකෝ” යැයි ඇය යළිත් ඇවිටිලි කළාය. “බැදපු මිරිස් නෑ නෝනා. ඇයි ඔය පපඩම් තියෙන්නේ” යැයි සේවකයා කියූ සැණින් කාන්තාව අසුනින් නැගිට්ටේ “අපෝ! එහෙනම් මට මේ කෑම කන්න බෑ” යැයි කියමිනි.
එහෙත් ඒ වන විටත් පිඟානේ එකදු බත් ඇටයක් හෝ නොවිණි.“ඔය කෑම එකට 120ක් ගන්න” යනුවෙන් අදාළ සේවකයා කඩ හිමියාට උස් හඬින් කීය.
“නෑ! නෑ!! මම ඒ කෑම එක කෑවෙ නෑ. ඔයාල ‘චිලිපේස්ට්’ ටිකක් දුන්නැති හින්දා මම කෑම එක කෑවෙ නෑ” යැයි කී කත හෝටල් සේවකයන් නොයෙක් අයුරින් උසුළු විසුළු කරද්දී මුදල් ද නොදී ආපනශාලාවෙන් පිටමං වූයේ කිසිවක් නෑසූ කන්වය.
අමිල දොළපිහිල්ල.
2025 දෙසැම්බර් මස 18
12
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැදපු මිරිස් කරලක් නොදුන්නැයි බත්පතම කා හෝටලෙන් ලිස්සා ගිහින්
බත් අම්මා Tuesday, 21 January 2020 07:31 PM
කමක් නැහැ.. ලෙඩකට බෙහෙත් ගන්න ආපු රෝගියෙක් නේ. බඩගින්නේ ඉන්න කෙනෙකුට කෑම වේලක් දෙන එකත් පිනක්නේ. ..... (ඒ උනාට කාන්තාව කරපු කැත වැඩේ අනුමත නොකරමි.)
ලුම්බිණි Wednesday, 22 January 2020 04:53 AM
අද කාලේ ලජ්ජා නැති ගැහැණු නැති තැනක් නැහැ.