IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බණ ගෙදරට ගඩොල් පාර්සලයක් ගෙනත් පටි රෝල් වෙලා

පෝද්දල සරත් ආනන්ද ගමගේ 


කිසිවකුත් ගෙන නොයන අපූරු තෑග්ගක් බණ ගෙදරකට ගෙනගිය පුද්ගලයකු පිළිබඳ අමුතුම කතාවක් දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයකින් පසුගියදා අසන්නට ලැබුණි.
පිරිමි දරුවන් තිදෙනකු හා දියණියකගේ තාත්තා කෙනෙකුගේ තුන් මාසයේ දානමය පින්කම පසුගියදා පැවැත්වුණේ බාල පුත්‍රයාගේ නිවසේය. ඔහුගේ නිවස ආසන්නයේම තවත් සහෝදරයෙක්ද පදිංචිව සිටී. 
ඔවුන්ගේ වැඩිමල් සහෝදරයා රජයේ ඉහළම තනතුරක් හොබවන අයෙකු ළඟ සේවය කිරීම නිසා ඉතා අලංකාරවත් ලෙස මෙම පින්කම් සංවිධානය කෙරුණු අතර ඒ සඳහා විශාල පිරිසක්ද සහභාගි වූහ.


මෙම පියාගේ හත් දවසේ පින්කම පැවති දින පැමිණි කෙනෙකු විසින් ඉවත දමන ලදදෑ ඇතුළත් පාර්සලයක් ලබාදී ඇත. එය ලබාදුන්නේ අසල්වැසියෙකැයි ඔවුන්ට සැකයක්ද ඇතිවී ඇත.
තුන් මාසයේ දානයට පෙර බණ පැවති දිනයේ අර සැකකටයුතු පුද්ගලයා පැමිණිය හොත් ඔහුගේ පාර්සලය පරීක්ෂා කිරීමට සහෝදරයෝ එකඟතාවකට පැමිණ සිටියහ.
බණ දේශනා කරන අවස්ථාව ළංවෙමින් තිබියදී පැමිණෙන පිරිස අතර අර පුද්ගලයාද පැමිණ යහමින් බරට ඇති පාර්සලයක් ගෙහිමියාට පරිත්‍යාග කළේය. ගෙහිමියා එය ස්තුති පූර්වකව බාරගෙන ඔහුට අසුන් ගන්නට යැයි කියමින් පාර්සලය ඔබා බලා ඇත. 
මහත් රළු දෙයක් එහි ඇති බව දැනගත් ඔහු පාර්සලය විවර කර කඩදාසි ආවරණයේ කොනකින් ඉරා ඒ මොනවාදැයි බලනවිට ඔහුට ගඩොල් කැට දෙකක් දැක ගැනීමට ලැබී ඇත. එයත් රැගෙන පාර්සලය ගෙනා පුද්ගලයා ළඟට ගිය ඔහු “බණ අහල කෑම ටිකක් කාල යන්න. මේ තෑගි නම් ඕන නෑ අයියෙ”‍ කියමින් එය රැගෙන ආ පුද්ගලයාටම බාරදී ඇත.
සිද්ධිය දුටු අයගේ උසුළු විසුළු හා සිනාහඬ මැද්දේ පාර්සලය ගෙනා පුද්ගලයා හෙමිහිට මාරුවී ගොස් ඇත. බණ සඳහා වැඩම කළ නාහිමියන්ද සිය අනුශාසනාව සඳහා ගඩොල් පාර්සලය තේමා කරගැනීම නිසා එහි පැමිණ සිටි සියලු‍ පිරිසට සිද්ධිය දැනගැනීමට ලැබී ඇත.
ගඩොල් පාර්සලය තෑගි කළ පුද්ගලයා මෙතෙක් සමාජයේ කාටවත් මුණගැසී නැතැයි ද වාර්තා වේ.

 



අදහස් (0)

බණ ගෙදරට ගඩොල් පාර්සලයක් ගෙනත් පටි රෝල් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site