(මනෝජ් හර්ෂික)
කොට සායකින් සැරසී බැංකුවකට පැමිණි රූමත් තරුණියක හිඳ ගැනීමට යාමේදී සාය පැළී, බැංකුව තුළම එය මසාගෙන මහත් ලැජ්ජාවට පත්ව ආපසු යාමට සිදු වූ පුවතක් වයඹ පළාතේ ප‍්‍රදේශයකින් වාර්තාවේ.
සිදුවීම මෙසේය.
සතියේ සාමාන්‍ය කාර්යබහුල දිනයකි. බැංකු නිලධාරීහු තම ගනුදෙනුකරුවන් සමග කඩියන් මෙන් යුහුසුලූව වැඩ කළහ. මුදල් ගනුදෙනුවක් කිරීම සඳහා රූමත් තරුණියක් බැංකුවට පැමිණියාය. ඇඟ හිරවන ආකාරයේ කොට සායකින් හා අඩි උස සපත්තු පැලඳ බැංකුවේ එහේ මෙහේ ගමන් කිරීම නිසා එහි සිටි කාගෙත් අවධානය ඇය වෙත යොමු විය.
තම වාරය පැමිණෙනතුරු ඇය අසුන් ගැනීම සඳහා අසුනක් වෙත ගොස් ඊට බර වුවා පමණි. ‘බරාස්’ යන ශබ්දයක් සමග සාය පැළී ගියේය.
බැංකුවේ සිටි සියල්ලෝම ඇය දෙස බැලූහ. ඇය බිම බලාගෙනම සිටියේ වෙනත් කිසිවක් කිරීමට නොහැකි නිසාය.
අසල සිටි බැංකු නිලධාරිනියක් වහා එතැනට පැමිණ ඉඳි කටුවක් සහ නූල් බෝලයක් ඇය වෙත ලබා දුන්නාය. තරුණිය ඉක්මනින් සාය මසා ගනුදෙනු නොකරම බැංකුව තුළින් පිටව ගියේ ලැජ්ජාවෙන් මුහුණ රතු කරගෙනය.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකුවේදී ඇඳුම් මහගන්න වෙලා
raheem Friday, 03 November 2017 09:48 AM
එම්.එස්. ප්‍රනාන්දුගේ "අඳින්න මිනි ගවුම අඳින්න" සිංදුව මතක් වෙනවා.
roshan pranandu Friday, 03 November 2017 01:52 PM
Raheem M.S.ප්‍රනාන්දුගේ සින්දුවක් නොවේ ඇන්ටන් ජෝන්ස් ගේ සින්දුවක්
victor Friday, 03 November 2017 03:57 PM
"අඳින්න මිනි ගවුම අඳින්න" සිංදුව ඇන්ටන් ජෝන්ස් ගේ නෙවෙයිද?
raheem Friday, 03 November 2017 07:01 PM
තැන්ක්ස් රොහාන්.
රිතික් Saturday, 04 November 2017 06:46 AM
අයියෝ මම හිටියේ නැහැනේ ඒ වෙලාවේ බැංකුවේ. මට හොඳට මහන්නත් පුලුවන්.