(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
ප්‍රසිද්ධ නගරයක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් හදිසියේ කළ වෛද්‍ය පරීක්ෂාවට පෙනී සිටි පිරිසක් අතරේ සිටි දෙදෙනෙක් එක මුඛ ආවරණයක් බෙදාගෙන භාවිතා කිරීම නිසා ඔවුන්ට අවවාද කර අලුතින් මුඛ ආවරණ ලබාදුන් සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
කොරෝනා රෝගය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් ප්‍රසිද්ධ නගරයක් ආශ්‍රිතව ගැවසෙන පිරිස වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සංවිධානය කර ඇත.
ඒ අතරේ වෛද්‍ය පරීක්ෂණයට පැමිණ සිටි අයකු වෙත අවධානය යොමු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් යහළුවාගේ මුඛ ආවරණය ඉල්ල ගන්නවා මම දැක්කා. ඇයි එහෙම කළේ කියා අසා ඇත. ඔයා කළේ ලොකු වැරැද්දක්. එයාට කොරෝනා තිබුණා නම් ඔයාටත් හැදෙන්න පුළුවන්. භාවිත කළ මුඛ ආවරණයක් තව කෙනකුට දෙන්න එපා. මෙන්න මේ අලුත් එක දා ගන්න. යැයි කියා තිබේ.
පොලිසියෙන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් මග හැර යන්න නොව මුඛ ආවරණය තමන්ගේම ආරක්ෂාවට පළඳින එකක් බව මතක තබා ගන්න. යැයි පැමිණ සිටි පිරිසට අවවාද කිරීමට ඔවුන් දෙදෙනාගේ වැරැදි ක්‍රියාව ද උපයෝගී කරගෙන තිබේ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
පී.සී.ආර් කරන වේලාවේ ‘මාස්ක්’ එක දෙන්නෙක් ෙබදාගෙන