IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පැළ වෙළෙන්දාගේ බොරු හිතවත්කම ගිනිගෙඩියක් වෙලා

(වියලු‍ව වාර්තාකරු)
ගෙයින් ගෙට ගොස් එළවළු සහ පලතුරු පැළ වෙළෙඳාමේ නියුතු වයෝවෘද්ධ පුද්ගලයකු පවුලක් අවුල් කළ බව කියැවෙන කතා පුවතකි.


 සිද්ධිය මෙසේය. ඔහු විශ්‍රාමිකයෙකි.  


   එළවළු හා පලතුරු පැළ තවානක් ආරම්භ කළේ විශ්‍රාම වැටුපෙන් පමණක් ජීවත්වීමට නොහැකිවූ නිසාවෙනි.


  පැළ අලෙවිය වර්ධනය කර ගන්නට සිතූ ඔහු කුඩා ටිපර් රථයක් ද මිලදී ගත්තේ ගෙන් ගෙට ගොස් මෙන්ම සතිපොළවලට ද ගොස් පැළ අලෙවි කිරීමෙන් තවත් අමතර මුදලක් සොයා ගන්නට හැකිවූ බැවිනි.


කතාවේ දක්ෂයකු වූ හෙතෙම ඕනෑම නිවසකට ගොඩවූ සැනින් එම නිවැසියන් දන්නා හඳුනන පුද්ගලයින් බවට ඒත්තු ගන්වා බොරු හිතවත්කමක් මවාගෙන පැළ දෙක තුනක් හෝ ඔවුන්ගේ ඇඟේ ගැසීමට ඔහු තුළ වූයේ අපූරු හැකියාවකි.


පසුගිය දිනක තම ලොරි රථයෙන් පැමිණි ඔහු ප්‍රදේශයේ නිවසකට ගොඩවූවේ තමුන් සතුව ඇති පැළ කීපයක් එම නිවැසියන්ට අලෙවි කරන්නටය.


ගෙහිමියා දුටු හෙතෙම එක්වරම ‘‘ආ මහත්තයා එදා මහත්තයයි නෝනයි ගිහින් ගෙනාව පැළ ටික හොඳට තියෙනවා දැයි’’ ගෙහිමි කාන්තාවද ඉදිරියේ විමසා සිටියේ ඔවුන් පෙර සිටම දන්නා හඳුනන බව   පෙන්වීම සඳහාය.


එහෙත් එවැනි මතකයක් ගෙහිමි කාන්තාවට මෙන්ම සැමියාටද නොතිබුණත් වෙළෙන්දාගේ කතාව වැරදි කොනෙන් අල්ලාගත් ගෙහිමි කාන්තාව වෙළෙන්දාගෙන් මෙන්ම සැමියාගෙන්ද දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූවේ ඇගේ සැමියාට යන එන මං අහිමි කරමිනි.


‘‘මම එක්ක ගිය ගෑනියෙකුත් නැහැ. මම ගෙනාපු පැළේකුත් නැහැ. මේ මනුස්සයගෙ තවාන තියෙන තැන මම දන්නෙත් නැහැ.

මේකගේ ඔලු‍ව හොඳ නැද්ද කොහෙද’’ යැයි කියමින් ගෙහිමි පුද්ගලයා තම බිරිය ඉදිරියේ නිදොස් වන්නට කොතෙක් උත්සාහ කළ ද ඉන් පලක් අත් නොවිණි.


 තම කතාවෙන්  නිවසේ දෙන්නා   දෙමහල්ලෝ ඇවිළී ගිය බව දැනගත් පැළ වෙළෙන්දා ‘‘අනේ නෝන මහත්තයෝ මගේ ඇස් හරියට පේන්නෙ නෑ මට පොඩි වැරදීමක් වුණේ. මේ මහත්තයා නෙවෙයි ඒ වෙන කෙනෙක් වෙන්න ඇති‘‘ යැයි කොතෙකුත් කියා සිටියද එය   පිළිගන්නට මැලි වූ ගෙහිමි කාන්තාව දිගින් දිගටම සැමියාට බැණ වදින්නට වූයේ සතුටින් සාමයෙන් පිරී ගිය ඔවුන්ගේ කැදැල්ල  දෙදරායාමේ ආරම්භක වෙඩිමුරය දල්වමිනි.

 



අදහස් (0)

පැළ වෙළෙන්දාගේ බොරු හිතවත්කම ගිනිගෙඩියක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 192 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site