IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොල් කඩාගෙන ගස් එක හමාරක ගාස්තුව ගෙවලා

(පොල්ගස් ඕවිට එස්. වික‍්‍රමආරච්චි)

පොල් කඩන්නකු ලවා පොල් ගස් දෙකක පොල් කඩවා ගත් කාන්තාවක පොස් ගස්වල උස ප‍්‍රමාණය අනුව පොල් ගස් එකහමාරකට පමණක් ගාස්තුව ගෙවූ පුවතක් අගනුවරට ආසන්න නාගරික ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.

ඇයගේ කුඩා ඉඩමේ ඇත්තේ පොල්ගස් දෙකක් පමණි. එකක් අඩි 70ක්  පමණ උස පැරණි ගසක් වන අතර අනෙක් ගස එයින් බාගයක් පමණ උස ගසකි.

සැම වාරයකම  එම ගස් දෙකේ පොල් කැඞීමට පැමිණෙන පොල් කඩන්නා මෙවරද ඉකුත් දිනෙක පැමිණියේය.

”නෝනා,  පොල් ගස් දෙකෙ ගෙඩි කඩමුද” ඔහු විමසුවේය. නෝනාගේ අවසරය මත පොල් කඩන්නා ගස් දෙකේම ගෙඩි කඩා දැම්මේය.

‘කීයද ගාණ? නෝනා විමසුවාය.

‘තුන්සීයයි නෝනා’ ඔහුගේ පිළිතුරෙන් නෝනාගේ ඇස් උඩ ගියේය.

”ඈ..... ගිය සැරේ ගස් දෙකටම ගත්තෙ දෙසීයයි. මේ සැරේ තුන්සීයක්?” ඈ විමතිය  පළ කළාය.

එහෙම තමයි නෝනා ඒ දවස්වල පොල් ගෙඩියක් කීයද දැන් කීයද? පොල් කඩන්නා හේතු දැක්වීය.

නෝනාට හැඳිමිටේ නුවණ පහළ විය. ‘හරි හරි මෙතන ඇත්තටම ගස් දෙකක් නැහැ. මෙතන තියෙන්නේ උස ගහයි මිටි ගහයි. ගස් එක හමාරයි’ කියු ඇය ගස් එකහමාරට රුපියල් 225ක් ඔහු අත තබා ගෙතුළට වැදුණාලූ.



අදහස් (0)

පොල් කඩාගෙන ගස් එක හමාරක ගාස්තුව ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site