(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
අහිංසකයින් අත්අඩංගුවට ගන්නවා යයි කියමින් පොලිසියට බැන බැන සොරකුට පොලිසියෙන් වහන්වීමට සිය නිවසේ ඉඩකඩ ලබාදුන් පුද්ගලයාගේ නිවසද මේ හොරා පැය කිහිපයක් යන්නට මත්තෙන් බිඳ මුදල් හා රන්භාණ්ඩ සොරාගත් පුවතක් අම්බලන්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.
මේ වනවිට අබලන්ගොඩ හා ඒ අවට නිවාස පහළොවක් පමණ නිවැසියන් නැති අවස්ථාවෙන් බිඳ ඒවායේ තිබූ මුදල් හා රන් භාණ්ඩ සොරාගන්නා නම්දරා ඇති හොරෙකි. ඔහු සොරාගෙන ඇති මුදල් හා රන්භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්‍ෂ පහකට වැඩි මිස අඩුවක් නම් නැහැ. මොහු අත්අඩංගුවට ගැනීමට සෙව්වත් කාලයක් යනතුරුම සොයාගැනීමට නොහැකිවී තිබිණ.
දිනක් ඔහු සිටින තැනක් පිළිබඳව පොලීසියට තොරතුරක් ලැබුණේය. ඒ අනුව පොලීසිය එනුදුටු ඔහු ගාල කඩාගත්තු හරකෙකු මෙන් ඉතාමත් ජවසම්පන්නව පොලීසියට වඩා වේගයෙන් දිවගොස් අතුරු මාර්ගයකට අවතීර්ණ වී පොලිසියට නොපෙනෙන්නට නාඳුනන නිවසකට දිව ගියේය.
ඔහු හතිලාගෙන දුවගෙන එනු දුටු නිවැසියා, “මොකද මොකද මේ දුවන්නේ” යයි ඔහුගෙන් ඇසුවේය. අනේ බලන්න කෝ, “මම හෙල්මට් දාගෙන ගියේ නැහැ කියලා මම පස්සෙන් පොලීසිය පැන්නුවා. මම බයිසිකලය මගදාලා පැනලා ආවා” යයි සොරා කීවේය.
අනේ මෙහෙමත් පොලිසියක් ඉතිං අල්ලන්න පුළුවන් මේවගේ අහිංසකයින් විතරයි. මේ මුළු අම්බලන්ගොඩම ගෙවල් බිඳින හොරා තවම අල්ලගන්න බැරිවුණා යයි නිවැසියා කී විට ඔව් ඒකනම් ඇත්ත තමයි ඌ තාමත් නිදැල්ලේ. පොලිසිය අහිංසක අපි වගේ අය තමයි අල්ලන්න එන්නේ යයි කීවේය.
හා හා අපේ කුස්සිය පැත්තට වෙලා ඉන්නවා. අද ගෙදරත් කවුරුත් නැහැ. මමත් දැන් වැඩ වගේකට අම්බලන්ගොඩට යනවා. එන්නේ තව පැය දෙකකට විතර පස්සේ. පොලිසිය ගියාට පස්සේ ඉතිං ගෙදර යනවා යයි කියමින් නිවැසියා ගෙදරින් පිටව ගියේය.
සිය අවශ්‍යතාවන් ඉටුකර ගත් නිවැසියා යළි නිවසට පැමිණ බලනවිට නිවසේ අල්මාරියේ තිබූ මුළු ඇඳුම් ටිකම බිම දමා අල්මාරියේ දොරවල් ඇර තිබුණේය. හනි හනිකට ගොස් බලනවිට අල්මාරියේ තැන්පත් කර තිබූ මුදල් හා රන්භාණ්ඩ නොමැති බව දුටු ඔහුට තරු විසිවී ගියේය. සිය නිවස බිඳ මුදල් හා රන්භාණ්ඩ හොරකම් කළා යැයි කියමින් නිවැසියා පොලිසියේ පැමිණිල්ලක් දැම්මේය.
මේ පිළිබඳව කවුද සැකකරන්නේ යයි නිවැසියාගෙන් පොලීසිය ප්‍රශ්න කළවිට ඔහු කීවේ, හෙල්මට් නැතිව ගියා කියලා පොලිසියෙන් පන්නනවා කියූ අයෙක් අපේ ගෙදරට ආවා. ඔහුට පොඞ්ඩක් හැංගෙන්න ඉඩදීල මම ගෙදර දොරවල් වහලා ටවුමට ගියා කියාය.
ඔයා අපිටත් බැණ බැණ අහිංසකයෙක් යයි කියලා ගෙවල් බිඳින හොරා ගේ අස්සේ දාගෙන හංගගෙන හිටියට හොඳ දඬුවමක් තමයි ලැබුණේ පොලිසිය කීවිට ඔහුගේ ඉහෙන් කණින් දාඩිය ගැලුවේ ඉබේටමය.
අනේ මමත් කරලා තියෙන්නේ මහම මහ මෝඩකමක් යයි යටිසිතෙන් කියමින් පොලීසියට සිය නිවස හොරු බින්දා යයි කියමින් පැමිණිල්ලක් කොට යන්න ගියේය.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියෙන් ගැලවෙන්න නවාතැන් දුන් අයගේ නිවෙසත් ශුද්ධ කරලා
අබය Tuesday, 17 May 2016 01:44 AM
ද ලේ මිසරාබ්ලේ කතාවේ "ජීන් වැල් ජෝන්" වගේ චරිතයක්...... (නි)
සමන් Thursday, 19 May 2016 05:24 AM
හොරු අල්ලලා දුන්නාට පසුව කාලයාගේ ඇවෑමෙන් හොරාගෙන් එන රිටර්න් එක කල්පනා වෙන්න ඇති. (නි)
පිටිගල Tuesday, 17 May 2016 03:28 AM
පොලිසියට දුන්න සහයෝගය නම් අපූරුයි. (ම)
තුෂාරි Monday, 16 May 2016 08:23 AM
ඔන්න ලංකාවේ පොලීසියට හොරු අල්ලන්න මහජනතාවගෙන් ලැබෙන සහයෝගයේ තරම. මොහුට හොඳ වැඩේ කියලා තමයි කියන්න තියෙන්නේ. (නි)