IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පොල්ලට බයවෙලා කොල්ලො හැංගිලා

(මොරගොල්ලාගම – සිසිර නන්දන කැලේගම සහ මීරිගම විශේෂ – පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඇඳිරි නීතිය පවතිද්දී ජංගම සංචාරයේ යෙදුණු පොලිස් පිරිසක් පොළඟකු දැක ඌ පාරෙන් ඉවත් කරන්නට පොල්ලක් සොයද්දී ඒ අසල සිටි තරුණයන් දෙදෙනකු බිය වී පණ එපා කියා දිවගොස් ඇඳ යට සැඟවුණු පුවතක් පසුගියදා වයඹ පළාතේ ගම්මානයකින් අසන්නට ලැබිණි.


සුන්දර ගැමි ගම්මානයකි. කොරෝනා බිය නිසා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවැති සැඳෑවකි. යාබද නිවෙස් දෙකේ පාසල් වියේ පසුවන තරුණ පුතුන් දෙපළ පාර අයිනේ මල් ගසකින් මල් කඩමින් සිටියහ.


එකවර වේගයෙන් ආ පොලිස් ජීප් රියක් පාර අයිනේ නවතනු ඇසිනි. ඉන් බැස ගත් නිලදරුවකු පොල්ලක් පොල්ලක් ගේන්න කියා කෑ ගසනවා ඇසුණු තරුණ දෙන්නා බියට පත්ව එක් නිවසක් කරා දිව ගොස් ඇඳ යට සැඟවුණේ දැඩිසේ බියට පත්වීම නිසාය.


ඒ නිවෙසේ පියා දරුවන්ගෙන් කළ විමසීමේදී පොලිසිය පැමිණ පොල්ලක් සොයන්නේ තමන්ට පහර දෙන්නටයැයි ඔවුහු පැවසුවේ හැඬූ කඳුළෙනි. අනේ තාත්තේ අපි වරදක් කරලා නැහැ. බේරා ගන්න පුතා ඇවිටිලි කළේය. අනෙක් තරුණයා ද අනේ මාමේයි බැගෑපත් වූයේය.


දරුවන්ගේ ආයාචනය නිසා පියා පාර දෙසට යද්දී පොලිස් පිරිස පොලොන් රාජයකු මාර්ගයෙන් ඉවත් කරනවා දැක්කේය. අනතුරුව පියා තම දරුවන්ට සිදුවූ පුවත නොවලහා කියා ඔවුන් පාඩම් කරමින් සිටි බව ද දන්වා පොලිසියෙන් සමාව ඉල්ලුවේ දරු දුක නිසාය.


තමන් වාහනය නතර කළේ පාරේ සිටි පොළඟ දැක පාරෙන් ඉවත් කිරීමට බව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර පිටව යාමෙන් පසුව පියා තරුණ පුතුන්ට ඒ බව දැන්වීය. අනතුරුව දෙදෙනා ඇඳ යටින් එළියට ආවේ සතුටු සිනාවක් ඇතිවය.



අදහස් (0)

පොල්ලට බයවෙලා කොල්ලො හැංගිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site