IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පලතුරු ගාන ඇහුවාම දෙයියොත් එපාවෙලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ගෑස් නොමැතිව වසා තිබූ ආපන ශාලාවකට ගෑස් සිලින්ඩරයක් ලැබීමත් සමගින් එය විවෘත කිරීමෙන් අනතුරුව දෙවියන්ගේ නුවණ හා ආශිර්වාදය ලැබෙන්නට දෙවියන්ට පලතුරු වට්ටියක් තැබීමට ගෙනා පලතුරුවල මිල ගණන් ඇසීමෙන් කඩ හිමියාගේ මොළේ කොළොප්පන් වූ පුවතක් කුරුණෑගල නගරය අවට සීමාවක ආපන ශාලාවකින් අසන්නට ලැබුණි.


‘‘ගෑස් නැත - වසා ඇත.’’ යනුවෙන් දින කිහිපයක් ආපන ශාලාව වසා තැබූ වෙළෙඳ හිමියා ගෑස් පෝලිමට ගොස් ගෑස් සිලින්ඩරයක් මිලදී ගත්තේය.


එහෙත් ගෑස් සිලින්ඩරය එක් දිනකටවත් මදිය. එනිසා ගෑස්වලින් තිබෙන පරිදි එය පවත්වාගෙන යන බව පවසා ඔහු සේවකයන් හා කැටුව ආපන ශාලාව විවෘත කළේය.


සිරිත් පරිදි තෙල්, මල්, පහන් පත්තු කර වැඩ පටන් ගත් නමුත් එහි තිබෙන දෙව්රුවට තබන්නට ගෙදරින් ගෙනා පලතුරු කිහිපයක් ඇතත්, අන්නාසි හා ගස්ලබු නැත. සේවකයකුට මුදල් දී ඔහු පිටත් කර යැව්වේ එම පලතුරු දෙක මිල දී ගෙනෙන ලෙසටය.


ඒ අනුව නික්ම ගිය සේවකයා ගස්ලබු ගෙඩි දෙකක් හා අන්නාසි ගෙඩි දෙකක් ගෙනාවේය.


‘‘පුෂ්ටිමත් නැහැනේ’’ වෙළෙඳ හිමියා ඒවා පරීක්ෂා කරමින් කීය.


‘‘මොන පුෂ්ටිමත් ද, මේ ඇඟිටි පැපොල් ගෙඩි දෙකට රුපියල් 560 යි. ගැට අන්නාසි ගෙඩි දෙකට රුපියල් 370 යි. තව පලතුරු ගන්න ගියා නම් සල්ලි මදිවෙනවා. දුන්න මුදලට හරියන්න තමයි ඔය ගෙනාවේ’’යි සේවකයා පැවසීය.


‘‘බඩු මිල හමුවේ දෙවියන්ගේ පිහිට ලබන්න ගියොත් අපි තවත් අමාරුවේම තමා වැටෙන්නේ කියා’’ ගෙනාවා වෙනුවට පලතුරු වට්ටිය තබන්නට කඩ හිමියා කටයුතු කරද්දී රැස්ව සිටි පිරිස ඒ දෙස බලා සිටියාලු.

 



අදහස් (0)

පලතුරු ගාන ඇහුවාම දෙයියොත් එපාවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 83 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site