IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ප්‍රියම්බිකාව-ප්‍රියංගිකා පටලවාගන බ්රිය පරලවෙලා

(හොරොව්පොතාන පැතුම් දර්ශන)
ප්‍රියම්බිකාව සහ ප්‍රියංගිකා පැටලීමෙන් දීග මඟුල් ද අත්හැරීමට ගොස් අනූනවයෙන් බේරුණ කතාවකි මේ.


දෙදෙනාම පාසල් වයසේ යහළුවන් ය. එම මිතුදම විවාහ වුවද අත්හැරියේ නැත. අඩුම තරමේ මසකට වතාවක් හෝ දෙදෙනා හමුවී කතාබස් කළ ද බිරින්දෑවරුන් දෙදෙනා නම් කිසි දිනෙක හමුවී තිබුණේ නැත. දෙදෙනාම පදිංචිව සිටියේ ආසන්නතම ප්‍රධාන නගර දෙකකය. ඊයේ පෙරේදා දිනක එක් මිතුරකු අනෙක් මිතුරාගේ නිවසට ආවේ හදිසියේමය. කලකින් ආ නිසාදෝ හිස් අතින් නොපැමිණි ඔහු හොඳවයින් ඉදුණු ගස්ලබු ගෙඩි පහක් ද රැගෙන ආවේය.


”‍ මෙන්න මම උඹලගෙ ගෙදර එනවා කියලා කිව්වම උඹ කාලෙකින් ඒ පැත්තෙ ආවෙත් නෑ කියලා ප්‍රියම්බිකාව උඹට දෙන්න කියලා ගස්ලබු ගෙඩි ටිකක් දුන්නා”‍ යැයි පවසමින් මේසය මත තැබුවේය.


නිවසට ආ යහළුවා ආගිය තොරතුරු කතා බහ කොට තේ පැන් සංග්‍රහයක් ද භුක්ති විඳ ආපසු ගිය තැන් පටන් බිරිඳගෙ වෙනදා නොමැති වෙනසකි. කතා කරන්නේ නැත. බලාගත් අත බලාගෙනය. විටෙක මුහුණේ කඳුළුය. පළමු දින ද ගත වුව ද එන්න එන්නම තත්ත්වය බරපතළ විය. සිදුවූයේ කුමක්දැයි අන්දුන්කුන්දුන් වී සිටි ඔහු බැරිම තැන බිරිඳගේ දුකට හේතු විමසා ඇති අතර ඇය හඬමින් මෙසේ කීවාලු‍.


”‍ මම දැනගෙන හිටියා මොකක් හරි දෙයක් තියෙනවා කියලා. අතටම අල්ලගන්න හිටියේ. දැන් හරිනේ මගේ කනටම ඇහුනා. කාලෙකින් ආවෙ නෑ කියලා ප්‍රියංගිකා ලස්සනට ගස් ලබු ටික එවලා තිබුණේ.”‍


දෙලෝ රත් විය. කෝපය සේම සිනහව ද මැද ”‍ අයියෝ ගෑනියේ මොන ප්‍රියංගිකා ද යකෝ. අර මනුස්සය කිව්වෙ ප්‍රියම්බිකාව දුන්නා කියලා. ප්‍රියම්බිකාව කියන්නේ ගෑනිට. මිනිහගෙ ගෑනී දුන්න කියල තමයි ගස්ලබු දුන්නෙ. අනෙ මට වෙච්ච දෙයක් ”‍


යැයි කියමින් කෑ මොර දුන් බව දැනගන්නට ඇත.



අදහස් (0)

ප්‍රියම්බිකාව-ප්‍රියංගිකා පටලවාගන බ්රිය පරලවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site