IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රේමය උතුරා ගිහින් පෙම්වතා ළිදේ

(ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල)

ළිං බැම්ම උඩ ඉඳගෙන බොහෝ වේලාවක් තම පෙම්වතිය සමඟ දුරකතන සංවාදයේ යෙදී සිට සංවාදය අවසානයේ යන්න සූදානම් වීමේදී ළිඳට වැටුණු තරුණයෙකු පිළිබඳව පුවතක් හේවාහැට ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

ළිං බැම්මේ දෙපැත්තට කකුල් දෙක දමාගෙන තම පෙම්වතිය සමඟ බොහෝ වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී ඇති අතර එතරම් ගැඹුරු නොවන ළිඳක් වන මෙහි ජලය ද මදක් පිරී තිබී ඇත. තම වත්ත පාමුල පිහිටි ළිඳ ළඟට පැමිණ දුරකතන සංවාදයේ යෙදීම ඔහුගේ පුරුද්දක් වී ඇත.

දුරකතන සංවාදය අවසන් වී තම පෙම්වතියට බායි පැටියෝ කියා දුරකතනය විසන්ධි කොට අමතක වීමෙන් ළිං බැම්මෙන් පිටත තිබූ කකුල එක්වරම ඇතුළු පැත්තට ගෙන යන්න සූදානම් වෙනවාත් සමඟ ළිඳ තුළට වැටී හොඳටම තෙමී ඇත.

ඒ සමඟ දුරකතනය ද ළිඳට වැටී ඇති අතර එය අක‍්‍රිය වීම නිසා දින කිහිපයක් පෙම්වතිය සමඟ කතා කරගැනීමටද නොහැකි විය.



අදහස් (2)

ප්‍රේමය උතුරා ගිහින් පෙම්වතා ළිදේ

janahitha Friday, 20 October 2017 04:26 AM

දෙයියෝ සාක්කි වෙච්ච දෙයක්. ඔය කකුල් දෙක එක පැත්තක තියාගෙන ප්‍රේම කලානම් ඔහොම වෙන්නේ නැහැනේ.

:       0       4

ayesha Friday, 20 October 2017 10:01 AM

අනේ අම්මෝ ප්‍රේමේ ගිය දුරක් ඔයින් ගියා මදැයි..

:       3       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site