IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පුරුදු ලකුණ දැක්කාම මුනුපුරාගේ පොරොන්දුව සීයාට අමතකවෙලා

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
තම මුනුබුරා දිගින්  දිගටම කරන ලද ඉල්ලීමට  අනුව මෙවර මහ මැතිවරණයේදී ඔහු සහය දක්වන පක්ෂයට  සිය ඡන්දය ලබාදෙන බවට පොරොන්දු වී සිට ඡන්දය පැවති දින එම පොරොන්දුව කඩකළ සීයාට මුනුබුරා  හොඳ පාඩමක් ඉගැන්වූ පුවතකි මේ.


එම පුවත වාර්තාවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මානයකිනි.


ඔහු නගරයේ පාසලකින් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබ නිවෙස අසලම සිල්ලර වෙළෙඳසලක් පත්වාගෙන යන තරුණයකි. ඔහු අධ්‍යාපනය ලැබූ පාසලේ ඉගෙනුම ලැබූ මිතුරකු මෙවර මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් තරග කරන නිසා එම මිතුරාට සහය ලබාදුන් අතර පවුලේ අයටද කියා සිටියේ මැතිවරණයේදී අපේක්ෂක මිතුරා නියෝජනය කරන පක්ෂයට ඡන්දය ලබාදී මිතුරාගේ අංකයට මනාපයක් ලබාදෙන ලෙසයි.


තරුණයාගේ සීයා අපේක්ෂක මිතුරා නියෝජනය කරන පක්ෂයට සහය දක්වන අයෙකු නොවූවද මෙවර මැතිවරණයේදී මුනුබුරා කරන ලද ඉල්ලීමට අනුව මෙවර පමණක් පක්ෂය මාරු කර ඡන්දය ප්‍රකාශ කිරීමට පොරොන්දු වී සිට ඇති අතර සියා මුනුපුරාට පවසා අත්තේ  තමාට එදින ඡන්ද පොළට යෑමට ක්‍රමයක් නොමැති නිසා එදින දවල් තමා කැටුව යෑමට  ත්‍රිරෝද රථයෙන් නිවෙසට එන ලෙසය.  


තම සීයා මත්පැන් පානයට දැඩි ලොල් බවක් දැක්වූ අයකු නිසා මුනුබුරා ඡන්ද පොළට සීයා රැගෙන යාම සඳහා ත්‍රිරෝද රථයෙන් එම  නිවස වෙත ගියේ හොඳ වර්ගයේ  විදේශ මත්පැන්  කාලේ කුප්පියක් රැගෙනය. මුනුබුරා එහි යනවිට සීයා ඡන්දය දැමීමට යෑමට  සූදානමින් සිටි අතර රැගෙන ගිය මත්පැන් කුප්පිය ඔහු අත තැබීය.


අද  වැහි දවසක්. ටිකක් ඇඟ රත්කරගෙනම ඡන්ද පොළට යන්. කිලෝ මීටර් 4 ක් යන්නත් තියෙනවානේ. ඉතා සතුටින් මත්පැන් බෝතලය අතට ගත් සීයා එහි මුඩිය ඇර එක හුස්මටම කටට වක්කර ගත්තේය.
ත්‍රිරෝද රථයෙන්  ටික දුරක් ගිය සීයා මුනුබුරා අමතා පැවසුවේ මෙවැන්නකි.


‘‘පුතා දන්නවානේ හැමදාම මම ඡන්දය දෙන පක්ෂය, මම මේ සැරේ ඒක වෙනස් කරන්නේ මගේ පුතාගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා. අනික ඔය පුතාගේ යාළු අපේක්ෂකයා හරි හොඳ මනුස්සයෙක්. මාත් කතාබහ කරලා තියෙනවා.’’


මුනුබුරා ඡන්ද පොළ ආසන්නයේ ත්‍රිරෝද රථය නතර කරගෙන සිටි අතර සීයා ඡන්ද පොළ වෙත ගොස් ඉතා ඉක්මනින්ම පැමිණියේ දිගු පෝලිමක් එහි නොතිබූ නිසාය. ඒ  වනවිටත් ඔහු සිටියේ හොඳ පමණට සූර්වය.
සීයා  මන් කියපු ලකුණ ඉදිරියේ කතිරය ගහලා මම කියපු අංකයට මනාපයක් දැම්මද යනුවෙන් මුනුබුරා  විමසීය.


 අනේ මගේ පුතේ ඡන්ද පත්‍රිකාව අරන් ඡන්ද කුටිය ළඟට ගිහිල්ලා ඒක දිග ඇරියාම මම හැමදාමත් කතිරය ගහන ලකුණ මුලටම තිබුණා. ඒක දකින කොට මගේ පපුව පිච්චිලා ගියා මගේ පුතේ. ඒකට කතිරයක් ගහලා පුතාගේ යාළුවාගේ අංකයට මනාපයක් ගැහුවා යැයි සීයා පැවසීය.


එය ඇසූ මුනුබුරා  මහත්වූ කෝපයට පත්ව ත්‍රිරෝද රථය පණගන්වා ඉදිරියට ගියේ විදුලි වේගයෙනි.


සීයාට ඡන්ද පොළ අසල සිට නිවසට කිලෝමීටර් 4ක දුර පයින්ම යෑමට සිදුවිය. පසුදින වනවිට සිද්ධිය මුළු ගම පුරාම පැතිර ගොස් තිබිණි. 

 



අදහස් (0)

පුරුදු ලකුණ දැක්කාම මුනුපුරාගේ පොරොන්දුව සීයාට අමතකවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site