හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
ප්‍රාණ බුක්තිය තබාගෙන දුන් ඉඩමේ ඇති ගසක පොල් කැඩූ පුතාට එරෙහිව පොලිසි ගිය අපූරු පියකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ තොටමුණක් ගැන සඳහන් වන ප්‍රදේශයකින් වාර්තා වේ.
පුතුන් දෙදෙනකු සහ දියණියක ඇති පියා සහ මව මහ ගෙදර ජීවත්වූ අතර එම නිවෙසට දෙපසින් පුත්තු දෙදෙනා නිවාස දෙකක් ඉදිකර පදිංචිව සිටිති. එම පුතුන් දෙදෙනාගෙන් වැඩිමලා නිතර පියා සමග අඬදබර ඇති කරගත්තේය. අනෙකා කලබලයක් නොමැතිව ජීවත් වූයේය. පියා පුතුන් දෙදෙනාට ඉඩමේ කොටස් පවරා ඇත්තේ ප්‍රාණ බුක්තිය තබාගෙනය. මේ අතර පියා මුළු ඉඩමම බුක්ති විඳින බව වාර්තාවේ. පුතා පොල් ගස් කිහිපයක ගෙඩි කඩා ඇති බව දැනගත් පියාට කේන්ති ගියේය. ඔහු ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කළේය.
පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශ්වය කැඳවා පොලිසිය විමර්ශන කටයුතු සිදුකරන අවස්ථාවේ පියා සහ පුතා පොලිසිය තුළදී ද පොල් ගස සම්බන්ධව ආරවුල් කරන්නට වූහ. තරයේ අවවාද කළ පොලිසිය දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කරන බව පැවැසීමත් සමග ඔවුන් දෙදෙනාටම දෙලොවම රත්විය. එක් ගසක පොල් කඩා ගැනීමට අවසර දෙන ලෙස පුතා තාත්තාගෙන් ඉල්ලා සිටියද පියා එයට ද එරෙහි වූයේය. පොල් සල්ලිවලට ගන්නා බව පවසමින් තවත් පොල් නොකඩන බවට පුතා පොරොන්දු වූ අතර දෙදෙනාටම පොලීසිය තරයේ අවවාද කර සිද්ධිය සමථයකට පත්කළේය.
පිය-පුතු දෙදෙනා නිවසට ගොස් ටික දිනක් යන විට පොල් ගසේ ආරවුල පිළිබඳ කතාව ගම පුරා පැතිර ගියේය. පියාට බොහෝ දෙනා අප්‍රසාදය පළකිරීම නිසා මව විසින් දින කිහිපයකට වරක් හොර රහසේ පොල් ගෙඩි කිහිපයක් පුතාට ලබාදෙන බවද පැවසේ.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රාණ බුක්තිය තියාගෙන ලියූ ඉඩමේ පොල් කැඩුවාට පියා පුතාට එරෙහිව පොලිසි ගිහින්
podiekaa Thursday, 19 January 2023 01:14 PM
මේකේ වරද හාත්තා තාම ජීවතුන් අතර කියන එක නේද .හපොයි