(තිහගොඩ උපසේන ලියනගම)
දුෂ්කර ප්‍රදේශ කීපයක සේවය කළ ඔහු විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. එකම දුව සේවය කළේ අගනුවර රාජ්‍ය ආයතනයකය. වියපත් මව්පියන්ට උවටැන් කිරීමට අවශ්‍ය හෙයින් ගමට මාරුවක් ගැනීමට වසර ගණනාවක් කටයුතු කළත් සාර්ථක නොවූයෙන් ඇය පියාට කීවේ තම ආයතනයේ ලොක්කාට කියා තම මාරුව ලබාදෙන ලෙසය.
කාර්යාලවල තත්ත්වය හොඳින් දන්නා පියා ඇගේ වදයෙන් බේරීමට බැරි නිසා පසුගියදා එම කාර්යාලයට ගොස් නිලධාරි කාමරයට යෑමට සූදානම් වූයේය.
එවිට එහි දිව ආ කාර්යාල කාර්ය සහායක ‘ලොකු උන්නැහෙ ගාල ඇරපු හරක් වගේ යන්නෙ. මෙතන පෝලිමේ කී දෙනෙක් ඉන්නව ද?’ කියා ගමන වැළැක්වීය.
‘පියුං මෙහෙම නං ලොක්කා කොහොමට ඇත්දැයි’ ඔහු සිතන විට පෝලිමේ වූවන් ඔහුට යන්නට ඉඩ දුන්නේ වයස සලකා බලමිනි.
කාමරයේ සිටි නිලධාරියා ලිපි ගොනුවක් පෙරළන ගමන් අතින් සංඥා කළෙන් ඔහු වාඩිවූයේය. පසුව ඔහු දෙස බැලූ නිලධාරියා ‘ආ සර්’ කීවේ විමතියෙනි. ඔහු ක්ෂණිකව නැගිට ගුරුතුමාගේ පා වැන්දේය.
‘සර්ල දෙවිවරු වගේ අපට උගන්නපු නිසා අද මෙතන ඉන්නෙ’ කී ඔහු පියුං කැඳවා තේ එකක් ගෙනෙන ලෙස ද කීය. පියුං එහි ආ විට ගුරුතුමා කීවේ ‘පුතාට අපි දෙයියෝ වුනාට ගෝලයට නං අපි හරක්’ කියාය. පියුංට තරු පෙනුනේ කලින් කළ අවමානය සිහිවීම නිසාලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පියුංගේ හරකා ලොක්කාට දෙවියෙක්