IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෙම්වතිය තරහ වුණාම සුරතලා උස්සලා


කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



පෙම්වතිය අමනාප වුවා යැයි උපන් දිනයට පරිත්‍යාග කළ බලු‍ පැටවා සොරකම් කරගෙන ගොස් ඇතැයි කියන අපූරු තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 21 හැවිරිදි තරුණියක මව්පියන් සහෝදර සහෝදරියන් සමග පදිංචිව සිටියාය. මෙම තරුණිය කෑගල්ල නගරයේ පෞද්ගලික ආයතනයක වසරක පමණ කාලයක සිට රැකියාවකට යන්නීය. 
තරුණිය රැකියාවට යන එන අතරේ වැඩි කාලයක් යන්නට පෙර කෑගල්ල ප්‍රදේශයේ තරුණයකු සමග මව්පියන්ට හොර රහසේ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගත්තාය. 
තරුණියගේ 21 වැනිදා උපන් දිනය යෙදී තිබුණේ ඉකුත් අගෝස්තු මස දිනකටය. පෙම්වතා යැයි කියන තරුණයා තරුණියට උපන් දිනය දා යමක් පරිත්‍යාග කළ යුතු බවට සිතුවේය. වරකාපොළ ප්‍රදේශයෙන් රුපියල් 25 000 ක් ගෙවා කළු පැහැති බලු‍ පැටවකු හා චොකලට් එකක් තරුණයා මිලට ගත්තේය. 


සවස වැඩ ඇරී නිවස දක්වා ගමන් කරමින් සිටිය දී තරුණිය මග රැක සිට මුණ ගැසුණු තරුණයා උපන් දිනය වෙනුවෙන් හිල් කර තිබුණු සාමාන්‍ය පෙට්ටියක් පරිත්‍යාග කර චොකලට් එකක් ද පරිත්‍යාග කළේය.
තරුණිය සිය පෙම්වතා පරිත්‍යාග කරන ලද පෙට්ටිය හා චොකලට් එක සිනාමුසු මුහුණින් බාර ගත්තාය. ‘‘ඔයාගේ උපන් දිනයට ලස්සන කළු බලු‍ පැටියෙක් මේ පෙට්ටිය ඇතුළත ඉන්නවා. මාව මතක් වෙන්නත් එක්ක මේ බලු‍ පැටවා ගෙනිහිල්ලා හදා ගන්න“ තරුණයා සිය පෙම්වතිය හමුවේ පැවසීය.
සිය පෙම්වතාට ස්තුති කළ තරුණිය බලු‍ පැටවාත් චොකලට් එකත් රැගෙන නිවසට ගියාය.
තරුණිය වෙනත් තරුණයකු හා සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට බලු‍ පැටවා පරිත්‍යාග කර මාස කිහිපයකට පසුව තරුණයාට දිනක් හිතවතෙක් පැවසීය. පසුව තරුණියගෙන් ඒ පිළිබඳ දිනක් තරුණයා විමසීය. තරුණයා එල්ල කළ චෝදනාව තරුණිය තරයේ ප්‍රතික්ෂේප කළාය. 
පසුව තරුණිය දුරකතන අංකය වෙනස් කර සම්පූර්ණයෙන්ම තරුණයා සමග තිබුණු සම්බන්ධතාව නතර කර දැමුවාය. තරුණියගේ මෙම ක්‍රියාව හේතුවෙන් තරුණයා සිටියේ දැඩි කනස්සල්ලෙන්ය.
ඉකුත් දිනක තරුණයා හිතවතකු සමග යතුරු පැදියකින් තරුණියගේ නිවසට දහවල් කාලයක ගියේය. තරුණිය නිවසේ සිට නොමැති අතර මව පමණක් සිට තිබේ. 
පසුව තරුණයා ‘‘අම්මේ අර කූඩුවේ ඉන්න බලු‍ පැටවා මගේ. මම ඌව අරගෙන ගියා කියලා දුවට කියන්න යැයි පවසා තරුණයා කූඩුවේ සිටි බලු‍ පැටවා පිටතට ගෙන විදුලි වේගයෙන් යතුරු පැදියෙන් මිතුරා සමග පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි.

 



අදහස් (0)

පෙම්වතිය තරහ වුණාම සුරතලා උස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site