IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පපුව‍‍ට තුරුලු‍ කරගත් කුරුලු‍ කූඩුවෙන් සර්පයෙක් එළිය‍ට ඇවිත්

වලපනේ අරුණ ඩයස්
බිමට වැටී තිබී හමුවූ කුරුලු කූඩුවක් සිය අතට ගෙන කුරුලු‍ කූඩුව සිය පපුවට තුරුලු‍ කර ගෙන ගමන් කරමින් සිටින අතරතුර එයින් දරුණු සර්පයකු මතුවීමේ සිද්ධියක් ඉකුත් දිනක වලපනේ ප්‍රදේශයෙන් වාර්තා විය.
සුන්දර පරිසරය දැක බලා ගැනීම සඳහා වලපනේ නගරයට ආසන්න ප්‍රදේශයක ඥාතීහු පිරිසක් ඉකුත් දිනක පාරක ගමන් කරමින් සිටියහ.  
මෙම පිරිසට ගමන් කරමින් සිටි මාර්ගයේ වැටී තිබුණු කුරුලු‍ කූඩුවක් හමුවීයේ අහම්බයෙන් මෙනි. හමුවූ කුරුලු‍ කූඩුව ගමන් ගත් ඥාතීන් පිරිසේ අයකු කුරුලු‍ කූඩුව සිය පපුවට තුරුලු‍ කර ගෙන ගමන් කළේ එහි පැටවුන් සිටින බව සිතමිනි. 


එසේ ගමන් කරමින් සිටියදී කුරුලු‍ කූඩුව සිය අතින් ගිලිහී බිමට වැටුණේය. බිමට වැටුණු කුරුලු‍ කූඩුව නැවත අතට ගෙන බිමට වැටීම නිසා කුරුලු‍ කූඩුවේ සිටිනවා යැයි සිතු කුරුලු‍ පැටවුන්ට අනතුරක් හෝ හානියක් හෝ සිදුවූවාදැයි බැලීමට ඥාතීන් පිරිස එක්වී විවර කර බලද්දී කුරුලු‍ කුඩුවෙන් දරුණු සර්පයෙක් මතුවිය.
කුරුලු‍ කූඩුවෙන් මතුවූ මේ දරුණු සර්පයා දුටු ඥාති පිරිස මහත් බියට පත්ව සීසීකඩ දුවන්නට වූහ.   

 



අදහස් (0)

පපුව‍‍ට තුරුලු‍ කරගත් කුරුලු‍ කූඩුවෙන් සර්පයෙක් එළිය‍ට ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site