IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පාන් ගෙඩියේ දතක් පෙන්වන්න ගිය ගැමියාට කොල්ලන්ගෙන් ‘හූ’ වරුසාවක්

(හසලක වාර්තාකරු)
පාන් ගෙඩියක මිනිස් දතක් තිබූ බවට පැමිණිලි කිරීමට බේකරියට ගිය 73 හැවිරිදි ගැමියෙකුට එය තම කටේ දතක් බව අනාවරණය වීම නිසා ගමේ කොල්ලන්ගේ හූ හඬ මැද පෙරළා නිවස බලා යෑමට සිදුවූ සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


 හසලකට නුදුරු ගොවි ගම්මානයක පදිංචි 73 හැවිරිදි ගොවි මහතකු මෙදින උදේ ආහාර වේලට පරිප්පු සමග පාන් ගනිමින් සිට ඇත. පාන් කමින් සිටි මොහුට එක්වරම පාන් කෑල්ලක් සමග තද යමක් හැපී තිබේ. වහා එය ඉවතට ගෙන පරීක්ෂා කිරීමේදී එය දතක් බව දැක ගැනීමට හැකි විය. ඒ සමගම කටේ ඉතිරිව තිබූ පාන් කොටස් වහා ඉවත දමා ඒ වෙන විටත් ගිල දමා තිබූ පාන් පිටතට ගැනීමට අතේ ඇඟිල්ල මුවට දමා වමනය කර තිබේ.
සිද්ධියෙන් උරණ වූ ඔහු නිවසේ අනෙක් අයට තමන්ට සිදුවූ සිද්ධිය පවසා එම පාන් ආහාරයට නොගන්නා ලෙස දැනුම් දී ඉතිරි පාන් ගෙඩියේ කොටස් සහ මුවෙන් පිටතට ගත් දත ද රැගෙන වහාම පාන් බේකරිය බලා පියවර මැන්නේය.


දැඩි කේන්තියෙන් කඩේට ගිය ඔහු මුදලාලිටත්, බේකරියේ මුදලාලිටත් මුව නොසෑහෙන්න දොස් පවරා තමන් විසින් රැගෙන ආ දත සහ ඉතිරි පාන් සහිත බෑගය බේකරියේ මුදලාලි අතට දී මෙම සිද්ධිය පිළිබඳව තමන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කරන බව පවසා ඇත.


සිද්ධිය අසා සිටි ගමේ තරුණයකු ගැමියාට පැවසුවේ, ‘මේ දත පිට කෙනෙකුගේ දතක් නොව, තමාගේම කටේ දතක් බවත්, කට පරීක්ෂා කරන ලෙසත්ය’. ඉන්පසු ගොවි මහතා තම කට පරීක්ෂා කර බලා ‘‘හැබෑ නේන්නම් කොල්ලා මේක මගේ කටේ හෙල්ලෙමින් තිබුණු දතනේ බං. මට ඒ ගැන හිතාගන්නට බැරි වුණානේ, අනේ මුදලාලි මට සමාවෙයන් බං’’ කියා පැවසීය.


ඒ සමගම එම ස්ථානයේ සිටි කොල්ලන්ගේ හූ හඬ මධ්‍යයේ ගොවි මහතාට නිවෙස බලා යාමට සිදුවූ අතර, එදායින් පසු කඩ පිලේදී ඔහු හමුවෙන ගමේ කටකාර කොල්ලෝ ‘‘ආ මාමේ දත් සමග පාන්වත් කමුද? කියා අසන විට ඔහුගේ කටෙන් පිටවන්නේ කෙනෙකුට අසන්නට නොහැකි වචන මාලාවක් බව කියයි.



අදහස් (0)

පාන් ගෙඩියේ දතක් පෙන්වන්න ගිය ගැමියාට කොල්ලන්ගෙන් ‘හූ’ වරුසාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site