දුෂ්කර ගමක පදිංචි ඇය තරුණ එක්දරු මවකි. සිය අත දරුවාට වැළඳුන රෝගයකට ප‍්‍රතිකාර සඳහා පසුගිය දිනයක රෝහලට ගියාය. රෝග පරීක්ෂාවෙන් පසු වෛද්‍ය නිගමනය වූයේ දරුවාට නේවාසික ප‍්‍රතිකාර දිය යුතු බවය. දින කිහිපයක් නේවාසිකව සිය දරුවාට රෝහලේ දී ප‍්‍රතිකාර ගැනීමෙන් පසු සුවය ලැබූ හෙයින් ටිකට් කපා නිවෙසට යාමේ අවස්ථාව ඇයට සැලසිණි. සවස හතරෙන් පසුව ටිකට් කැපූ නිසා එක එල්ලේම තම ගමට යාමට මේ තරුණ මවට ඉඩ ලැබුණේ නැත. මේ නිසා ඇය කල්පනා කළේ පුංචිඅම්මාගේ නිවෙසෙහි එදින රාත‍්‍රිය ගත කර පසු දින අලූයම් කාලයේ ගමට යාමටය. තමාගේ සහ දරුවාගේ ඇඳුම් පැළඳුම් ඇතුළු කළමනා සියල්ල ගමන් මල්ලක දමාගත් ඇය සවස පහට පමණ රෝහලෙන් නික්මුනාය. අත දරුවා වඩාගෙන එක් අතක ගමන් මල්ලත් අනෙක් අතෙහි අත් බෑගයත් එල්ලාගත් ඇය පාරට ගොස් බස් රථයකට නැංගාය. කිලෝමීටර් තුන හමාරක් පමණ ගිය පසු බසයෙන් බැස්සාය. පුංචි අම්මාගේ නිවෙසට යාමට ප‍්‍රධාන පාරෙන් බැස තවත් දුරක් පා ගමනින් යා යුතු විය. ගමන් මල්ලත් අත දරුවාත් අත් බෑගයත් රැුගෙන යාමේ අසීරුව නිසා ගමන් මල්ල ප‍්‍රධාන පාර සමීපයේ තරමක් දන්නා හඳුනන නිවෙසක තබා යාමට තරුණ මව තීරණය කළාය. රාත‍්‍රිය ගත කළ ඇය පසුදා අලූයම හතරට පිබිදී දරුවා ද කරපින්නාගෙන ඒ නිවෙසින් පිට වූවාය. පෙර දින ගමන් මල්ල තබා ගිය නිවෙස සොයා ගැනීම ඇයට අසීරු වූයේ වටපිටාවේ පැවැති අඳුර නිසාය. ඇය අත දරුවා ද සමග නිවෙසක් අසල නැවතිණ. එකෙණෙහිම ඒ නිවෙසේ සිටින බල්ලා මහ හඬින් බුරන්නට විය. මේ අවස්ථාවේ අලූයම නැගිට මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කරමින් සිටි ඒ නිවෙසේ ගෙහිමියා බල්ලා බුරන්නේ ඇයි දැයි විමසිලිමත් විය. බිරිය ද ඔහුට කීවේ බල්ලා බුරන්නේ ඇයි ද යන්න බලන ලෙසයි. නිවෙසේ ඉදිරිපිට විදුලි පහනක් දැල්වීමෙන් පසු ගෙහිමියා මුළුතැන්ගෙයි පැත්තේ දොර විවර කර ඉස්සරහට ගියේය. ගෙහිමියා කඩුල්ල දෙසට ගොස් බලද්දී දුටු දසුන අදහාගත නොහැකි විය. අත දරුවකු ද සමග තරුණ කාන්තාවක ඔහුට පෙනිණ. තිගැස්මක් ද සමග ගෙහිමියාට සිහිපත් වූයේ මහ ? යාමේ මගතොට දී හමුවන බව කියන ”මෝහිණී”ය. ඔහු දුටු විගස කාන්තාව ගෙදර කවුද ඉන්නේ?” යැයි ඇසීය. ගෙහිමියා ”මේ... මේ ඇයි....?.... ඇයි? අපි....... අපි ඉන්නවා? යැයි උත්තර දුන්නේය. ”මං ඊයේ හැන්දෑවේ බෑගය තියල ගියා. ඒක ගෙනියන්නයි ආවේ....” තරුණ කාන්තාව කීවාය. ගෙහිමියාට කුතුහලය වැඩි විය. මේ මොන ඉලව්වක් ද දෙයියනේ යැයි සිතමින් ”මෙහේ තියපු බෑගයක් නැහැ...” යැයි ඔහු කීය. එවිට කාන්තාව පැවසුවේ පෙර දින සවස අසවල් කාන්තාවගේ නිවෙසෙහි බෑගය තබා ගිය බවය. ඒ නිවැසි කාන්තාව කවුදැයි යන්න අත දරු මව ඉඟි කළ පසුව ගෙහිමියාට කාරණය වැටහිණි. ඔහු ඒ නිවෙස පිහිටි තැන කී පසු ඇය පිටත්ව ගියාය. ඉන්පසු ගෙහිමියාගේ තරුණ දියණියන් දෙදෙනාත් බිරියත් ගෙහිමියාට උසුළු විසුළු කරන්නට විය. ”මහ පාන්දර ඒ ආවේ මෝහිණී යැයි රැුවටුණා නේද?” යන්න ඔවුහු විටින් විට අසති.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාන්දර හතරට ‘‘මෝහිණී ’’ ඇවිත් ගෙහිමියාට තරු පෙනිලා
රෝහිනී Monday, 30 January 2012 08:02 AM
මේ මෝහිනී නොවෙයි රෝහිනී
ෆාරු Thursday, 26 January 2012 01:07 PM
ඒ අම්මා අසරණයි. ඒත් ටිකක් කල්පනා කළ යුතුයි