IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පදමට බීලා බැංකුවකට දොළොස්දාහක් ගෙවලා

(උණවටුන ඩී.ජී. සුගතපාල)

හොංකොං ජාතිකයකු සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ගිංතොට ප්‍රදේශයේ හෝටලයක නතරව සිටියේය. ලංකාවේදී ඔහුට තවත් විදේශිය මිතුරන් පිරිසක් හමුවිය. ඔවුන්ගේ ආරාධනය පරිදි ඔහු ගාල්ල කොටුවට පැමිණියේය. මිතුරන් පිරිස සන්ධ්‍යා කාලයේ ආරම්භ කළ මත්පැන් සාදය මධ්‍යම රාත්‍රිය ගෙවෙනතුරුද පැවැත්විණි.

පසුව මිතුරන් සියල්ලන්ම පිටව ගිය අතර ඔහු තනිවිය. අධික ලෙස බීමත්ව සිටි ඔහුට උන්හිටිතැන් අමතකය. පාරට බැස්සත් කොටුවේ පාරවල් සියල්ලම පාළුවට ගොස්ය. ඉඳහිට හමුවූ කෙනෙකුගෙන් තොරතුරු විමසුවත් භාෂා ගැටලු නිසා එය සාර්ථකවූයේ නැත. ඔහු ඔහුගේ මව් භාෂාව හැර ඉංග්‍රීසි භාෂාව දැනසිටියේ නැත.

ඒ මේ අත යමින් සිටි ඔහු අසල තිබූ ගොඩනැගිල්ලක විදුරුවකට ගසා කැඩුවේය. ඔහු කැඩුවේ පෞද්ගලික බැංකුවක විදුරුවක් බව දැන සිටියේ නැත. බැංකු ආරක්ෂකවරයාගේ දැනුම්දිම අනුව ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත මහතා ඇතුළු කණ්ඩායමක් ගොස් ඔහු අත්අඩංගුවට ගෙන පොලිසියට කැඳවාගෙන එනු ලැබීය.

වෙරි හිදෙනතුරු පසුදින උදෑසන දක්වා ඔහු පොලිසියේ ගත කළේය. සිදුවූ දෙය පිළිබඳ කනගාටුවට පත්වූ ඔහු බැංකුවේ විදුරුවක් කඩා සිදු රන ලද අලාබය වෙනුවෙන් රුපියල් 12000ක් ගෙවා පිටව ගියේය.



අදහස් (1)

පදමට බීලා බැංකුවකට දොළොස්දාහක් ගෙවලා

bamunu Monday, 23 October 2017 07:43 AM

හලෝ අපිත් බොනවා එ්ත් ඔහොම කුණු වෙන්න නොවෙයි.

:       7       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site