IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


පුතා කළුවරේම මවගේ ඇස් වසා මාලය කඩාගෙන

මවගේ දෙඇස් කළුවරේ සිය දෙඅත්වලින් වසා ඇයගේ ගෙල පැළදි රන්මාලය සොරකම් කළ පුතකු පිළිබඳ අපූරු පුවතක් දකුණු ලකේ නගරයකින් වාර්තාවේ.

ඔහු මත්ලොලියෙකි. ඔහුගේ වයස්ගත මව සිය පුතා මත්කුඩුවලට ඇබ්බැහිවී ඇති අයකු බව නොදත්තාය. ඒ ඇය ඒ පිළිබඳව නොදන්නාකම නිසාය. ඔහු ඒ සඳහා මිල මුදල් ලබා ගන්නේ ද සොරකම් කොටය. ඇඟට පතට නොදැනී දෙන ගේම්වලින්ය.

එදා ඔහුට මත්කුඩු ගැනීමට මොනම ක‍්‍රමයක්වත් උදා නොවුනි. අන්තිමේදී ඔහු අලූත් මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළේය. පස්වරුවේදී ගෙදරින් අතුරුදන් වූ ඔහු සිය මව කළුවර වැටීගෙන එනවිට නිවෙස ඉදිරිපිට ඇති රෙදි වැලට රෙදි ගැනීමට එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය. කළුවර වනවිට අක්‍ෂි ආබාධය තවත් උග‍්‍රවන බව දත් ඔහු රෙදි වැලට පැමිණි සිය මව දෙසට පූස් ගමනින් පැමිණ ඇයගේ දෙඇස් ඔහුගේ අත් දෙකෙන් වසා ඇය ගෙල පැළදි රන්මාලය කඩාගෙන දිව්වේය.

මෙයින් කලබලවූ ඇය මෙන්න හොරෙක් මෙන්න හොරෙක් මගේ මාලය කඩා ගත්තා යැයි කෑමොර දී නිවැසියන් හා අසල්වාසීන් රැුස් කළ ද ඒ වනවිටත් ඔහු අන්තරස්දානවී තිබිණි. අන්තිමේදී මේ පැමිණිල්ල අදාළ බල ප‍්‍රදේශයේ පොලිසියට ද ගියේය.

මේ හොරකම වෙන කිසිවෙකු නොව ඇයගේම පුතා විසින් කරන්නට ඇතැයි පොලිසිය සැක කළේ ඔහු මත්ලෝලියකු බව පොලිසියට වාර්තා වී තිබු නිසාය. ඒ අනුව ඔහු වහාම සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී තමා මවගේ දෙඇස් දෙඅත්වලින් වසා මාලය කඩාගත් බව පොලිසියේ දී පිළිගත්තත් තමාගේ පුතා මෙවැනි සොරකමක් කළ බව මවට පිළිගැන්වීමට පොලිසියට මහත් පරිශ‍්‍රමයක් දරන්නට සිදුවිය.



අදහස් (0)

පුතා කළුවරේම මවගේ ඇස් වසා මාලය කඩාගෙන

ගුණවර්ධන Sunday, 30 August 2015 02:13 PM

මේ කතාව අහනවිට මට මතක් වෙන්නේ තවත් දකුණු පළාතේ සිද්ධ උන කතාවක් අම්ම්මට පුතා ගෙම්බෙක් පෙන්නු කතාවයි (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 28 August 2015 05:57 AM

පුදුම වෙන්න දෙයක් නැහැ ඕක ඔය පළාතේ හුඟක් අයගේ පුරුද්දනේ. අම්මගේ දේ කඩා වඩා ගෙන කන එක. බැරිම උනොත් අම්මව විකුණගෙන හරි තමන් බැබලෙන්න ඕන කියලා හිතුනොත් එ්කත් කරනවා (නදී)

:       0       0

නන්ද Thursday, 27 August 2015 05:18 AM

අම්මගේ ආදරේ තමයි (අ)

:       0       0

ඉමේෂ් Thursday, 27 August 2015 05:47 AM

අනේ ජනතිපති තුමනි. අපේ රටෙන් මේ මත් උවදුර නැති කරලා දෙන්න. ඔබතුමාට කරන්න පුළුවන් ලොකුම දෙයක් අපි වෙනුවෙන්. (අ)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 27 August 2015 06:08 AM

මේ වාගේ මිනිසුන්ට දඬුවම් දීමෙන් කිසි සෙතක් වෙන්නේ නැහැ. පුනරුත්තාපනය කරලා යහ මගට හරින එක තමා තියෙන එකම මග. (අ)

:       0       0

රාධා Thursday, 27 August 2015 11:38 PM

දෙඇස් දෑත් වලින් වසා මාලය කඩාගත්තේ මොන විදියටද ? (නදී)

:       0       0

පැතුම් Thursday, 27 August 2015 08:24 AM

ලැජ්ජයි මේ වගේ කතා අහන්න වෙන එක ගැන.(හේ)

:       0       0

රෂින්ත Thursday, 10 September 2015 10:23 AM

මෙහෙමත් ළමයි ඉන්නවනෙ?(අ)

:       0       0

සහන් Friday, 28 August 2015 03:11 AM

මත් කුඩු නැති කරන්න. මත් පැන් නම් යම් තරමකට තිබුනට කමක් නැහැ (නදී)

:       0       0

පුෂ්පා Saturday, 29 August 2015 09:43 AM

ඔය බිස්නස් එකේ ලොකු කට්ටිය අයින් කර දමන්න. අව නීතිය සමග ගනුදෙනු කිරීමේදී ප්‍රවේසම් වීම සහ මොලය පාවිච්චි කිරීම වැදගත්. කරුණාකර විවිධ පැති වලින් මෙයා සමග ගැටෙන්න අවශ්‍ය හොඳ මිනිස්සු ටිකකට මේක දෙන්න. පොරවල් වීමක් අවශ්‍ය නෑ. අප්‍රසිද්ධියේ තමයි මේ සෙල්ලම කරන්න ඕනා.(නදී)

:       0       0

නීල් Monday, 07 September 2015 06:29 AM

කවුද දෙවියනේ විශ්වාස කරන්න පුළුවන් අද කාලේ? අම්මලා තාත්තලා හඳුනන්නේ නැති දන්නේ නැති ලෝකෙක අපි ජීවත්වෙන්නේ. ඒත් හැමෝම මෙහෙම නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 284 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 596 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 274 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 802 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 888 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 695 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 802 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 206 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1249 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site