බෙන්තොට ජේ.ඉඳුරුවගේ
පුත්‍රයකු සිය පියාට අයත් වගා ඉඩමක කෙසෙල් වගාවෙන් හොරෙන් කැපූ කෙසෙල් කැනක් එම පියාටම විකුණා ප්‍රශංසාවක් ද ඇසූ පුවතක් බෙන්තර ගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබිණි.
මුදල් නොමැතිවීමක් හේතුවෙන් මේ පුත්‍රයා එදින තම නිවෙසට නුදුරින් වූ සිය පියාගේ වගා ඉඩමක තිබූ හොඳින් හැදී වැඩුණු ඇම්බුන් වර්ගයේ කෙසෙල් කැනක් කපා ගත් අතර එය විකිණීමට යාමට බිය වූයේ ඒ ගැන හෙළි වුවහොත් පියාගෙන් විසුමක් නොවන බව සිතුණු නිසාය.
එයට විසඳුමක් ලෙස සිය මිතුරකුට කෙසෙල් කැන ලබා දී එය විකුණා ගෙන එන ලෙස දැන්විය. මිතුරා කෙසෙල් කැන රැගෙන නිවාස කීපයකට ගියත් නිවෙස් හිමියෝ කෙසෙල් කැන මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළහ.
කෙසේ හෝ අවසානයේ කෙසෙල් කැන විකිණීමට ගෙනාවේ එය හිමිකරුගේ නිවාසයේම පවත්වා ගෙන යන කුඩා වෙළෙඳසලටමය. ගනුදෙනුව සිදුවිය. කෙසෙල් කැන අයිතිකරුම කෙසෙල් කැන මිලදී ගත්තේය.
දින කීපයකට පසු වෙළෙඳසලේ හිමිකරු වගා බිමට ගිය අවස්ථාවේදී කෙසෙල් කැනේ අඩුව නිරීක්ෂණය විය. තමන් මිලට ගත් කෙසෙල් කැන ද එම වර්ගයේමවීම නිසා සොයා බැලීමේදී මිලට ගත් කෙසෙල් කැන තම වගා බිමේ තිබූ කෙසෙල් කැනම බව තහවුරු කර ගත්තේය.
කෙසෙල් කැන විකුණූ තරුණයා හමුවී විස්තර අනාවරණය කර ගැනීමෙන් පසු වහාම සිය පුත්‍රයා කැඳවා සියල්ල අනාවරණය කර ගත්තේය. අනුන්ගේ කෙසෙල් කැනක් කපා අනුන්ට විකුණා තිබුණේ නම් තමන්ට වෙන අපහසුතාව ගැන සිතූ සමාජ සේවකයකුද වූ පියා එවැන්නක් නොකර තමන්ගේම කෙසෙල් කැන තමන්ටම විකිණීම ගැන පුත්‍රයාට ප්‍රශංසාවක්ද කරමින් මින් පසු මෙවැනි දේවල් නොකරන්නැයි දැඩි ලෙස අවවාද කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පුතා කෙසෙල් කැනක් හොරෙන් කපා තත්තාටම විකුණලා