(කැලණි ලාල් එස්. කුමාර)
ඩොලරයේ අගය වැඩිවීමට සාපේක්ෂව ගමන් වියදම් හා කෑම වියදම් ඉල්ලා සිටි සිසුවකු පිළිබඳව කොළඹට නුදුරින් පසුගියදා අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය. 
ඔහු කොළඹ ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙකි.
පසුගිය දින නව පාසල් වාරය ඇරඹීමත් සමග මෙම සිසුවා පාසල් යාමට සූදානම් විය.
අනතුරුව තම පියා හා මවට වැඳ අවසර ලබා ගත්තේය. බොහෝ විට මේ අවස්ථාවේ ඔහුගේ පියා සිසුවාට මග වියදම් හා දිවා විවේකයේදී ආහාර ගැනීම සඳහා මුදල් දෙයි. ඒ අනුව එදිනද වෙනදා මෙන් රුපියල් 150ක් සිසුවා අත තැබීය.
එවිට සිසුවා මෙසේ පැවසීය.
අනේ තාත්තේ මේ මුදල දැන් කොහොමත් මදි. ඊයේ බස් එකේ ගියාම ඉතිරි මුදලෙන් කෑවේ මාළු පාන් ගෙඩියක් විතරයි. බස් ගාස්තු වැඩියි. පිටි ගණන් කියලා කැන්ටිමේ අන්කල් කෑම ගණන් උස්සලා. කිරිපිටිත් ගණන්ලු. ඊයේ දුන්න රුපියල් එකසිය පනහෙන් බඩගින්නේ උන්නේ. ඉස්සර තාත්ත රුපියල් 150ක් දුන්නම බස් එකේ ගිහිල්ලා දවල්ට මාළු පාන් ගෙඩියයි රොල්ස් එකතුත් කාලා කිරි තේ එකක් බීලත් ඉතුරු වෙනවා. ඉතුරු මුදල කැටේටත් දානවා.
දැන් ඔක්කොම ඩොලර් වලින්නේ මනින්නේ. රුපියල පාවෙනවනේ. ඉස්සර ඩොලරය රුපියල් 150ට තියෙන කාලයේදී තාත්තා මට රුපියල් 150ක් දුන්නා. දැන් ඩොලරයේ අගය රුපියල් 275/- වෙලා. ඒ හින්දා ඩොලරයට සාපේක්ෂව රුපියල් 275ක්වත් දෙන්න යැයි සිසුවා පැවසීය.
දැන් දරුවොත් ඩොලර්වලට පුරුදු වෙලායයි පියා තමන්ටම කියා ගත්තේ මුදල් පසුම්බියට අත යවමිනි.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුතා ඉස්කෝලේ යන්න ඩොලරයට සාපේක්ෂව සල්ලි ඉල්ලලා