IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පෙත්තක පටලැවිල්ලෙන් මහනුවර බසය ආපහු වරකාපොලට

කොළඹ නගරයෙන් මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රියෙක  වූ සිද්ධියකි.


එදින උදේ කාලයෙන්ම මහනුවර බලා යෑමට සූදානම් වූ මේ බස්රියේ කොන්දොස්තර කිසියම් අවශ්‍යතාවකට බසයෙන් බැස ඉවතට  ගොස් තිබිණි.  එසේ වුවත් රියදුරු බසයේ එන්ජිම පණගන්වා ගෙන සිය අසුනට වී සිටියේය.


මේ අවස්ථාවේදී වැඩිහිටියෙක් සමග රියදුරු අසලට පැමිණි තරුණ පුද්ගලයෙක් ආයාචනයක් කරනු ඇසිණි.


‘‘මේ  ඩ්‍රයිවර් මහත්තයෝ.. මේ අපේ අම්ම මෙයාව මම බස් එකට නග්ගවනව. සමහර විට මෙයාට අමතක වෙලා නින්ද යන්නත් පුලුවන්. පොඩ්ඩක් වරකාපොලදී මෙයාට කතා කරනවද....’’


‘‘හරි ...හරි.... මචං.. මම ඒක  කරන්නම්.. මේ මට පිටි පස්සේ සීට් එකේ ඉන්දවන්නකෝ. රියදුරු එසේ කීවේ එකී කාන්තාව සමග ආ පුද්ගලයා තමා දන්නා හඳුනන කෙනෙකු බැවිනි.


අනතුරුව රියදුරුට පිටුපස අසුනේ ඒ අම්මා අසුන් ගැන්වූ මේ පුද්ගලයා ‘‘එහෙනම් මම යන්නම්... මචං’’ කියාගෙන බසයෙන් බැස යන්න ගියේය.


විනාඩි කිහිපයක් ගෙවී ගියේය. බසය මගීන්ගෙන් පිරුණි. කොන්දොස්තර තැනද වහා පැමිණ මගීන්ගෙන් මුදල් අය කරන්නට පටන් ගත්තේය. බසය මහනුවර  බලා යෑමට ගමන් ඇරැඹිණි.


රියදුරු තැනට මිතුරාගේ මව ගැන සිහිපත් වූයේ වරකාපොල නගරය පසු වී කිලෝ මීටරයක් තරම් දුරක් ගෙවුණු පසුවය. වහාම බසය නැවතූ රියදුරු තැන  පිටි පස හැරී එකී කාන්තාව දෙස බැලීය. ඇය ඇත්තෙන්ම සුව නින්දක පසුවෙමින් සිටියාය.


‘‘බස් එකේ ඉන්න මහත්වරු කලබල වෙන්න එපා. මම පොඩි වේලාවක් බස් එක පොඩ්ඩක් ආපහු  හරවනව. ඒ මොකද දන්නවද,. මම මේ යාලුවෙකුගෙ අම්මා කෙනෙක් වරකාපොලින් බස්සන්න පොරොන්දු වුණා. මට ඒක දැනුයි මතක් වුණේ....කී රියදුරු බසය ආපසු හරවාගෙන වරකාපොළ බස් නැවතුම්පොළ වෙත පැමිණියේය.


‘‘අම්මේ... අම්මෙ... නැගිටින්න.... මෙන්න වරකාපොල.. ඉක්මනට බැහැගන්න’’ රියදුරු ඒ කාන්තාව නින්දෙන් අවදි කළේය.


‘‘ඈ.  වරකපොල කිව්ව. හා හා හොඳයි පුතේ...’’ කියමින් ඇය බෑගයක් ගෙන එයින් බෙහෙත් පෙති කිහිපයක් කටට දමා වතුර ටිකක්ද බී.. හරි හරි..... පුතේ දැන් ඉතින් ඉමු. ...’’ කීවේය.


‘‘මොනව ඇයි අම්ම බහින්නෙ නැද්ද’’ රියදුරු ඇසීය.


‘මම මොකටද බහින්නෙ.. මම යන්නේ නුවරටනේ. මේ ටිකට් එක නුවරට ගත්ත..’’ කාන්තාව කීවාය.


‘‘එතකොට පුතා කිව්වේ වරකාපොලදි අම්මට කතා කරන්න කියලා.’’


‘‘ඒ මේ බේත් ටික බොන්නනෙ’’ ඇය කීවාය.


හිසේ අත ගසාගත් රියදුරු කෝපයෙන් දැවෙමින් බසය යළි නුවර බලා ගමන් ඇරඹීය.

ජයපාල හෙට්ටිආරච්චි - නාවාන, මීරිගම



අදහස් (3)

පෙත්තක පටලැවිල්ලෙන් මහනුවර බසය ආපහු වරකාපොලට

Chinthaka Saturday, 10 December 2022 12:04 PM

කාලෙකට පස්සේ නියම දෙවියෝ සාක්කි කතාවක්

:       0       18

Duneesha Saturday, 10 December 2022 04:23 PM

මේක බොහොම පරණ කතාවක්. මේ වගේ දෙයක් වෙන්න ඉඩකඩ දැන් ගොඩක් අඩුයි...

:       2       12

pakeer Monday, 12 December 2022 10:15 PM

මේ කතාව මම ඇහුවේ... 80 ගණන්වල.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 51 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site