IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


පුතාගේ රචනාවෙන් තාත්තා හොල්මන්වෙලා

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
පුතු ලියා තිබූ වාක්‍ය රචනාවෙන් මවකගේ අනියම් සම්බන්ධතාවක් පිළිබඳ ඉඟියක් ලැබුණු බව කියැවෙන රසවත් පුවතකි මේ.


වයඹ පළාතේ ගම්මානයකින් මෙය වාර්තා වේ.


එම පුවත සැකෙවින් මෙසේය.


වෘත්තියෙන් පෙදරේරුවෙකු වූ ඔහු එක්දරු පියෙකි. ඉතා රූමත් කාන්තාවක වූ ඔහුගේ බිරිය ඔහුට වඩා අවුරුදු 10කින් පමණ බාලය මව්පියන්ගෙන් උරුම වූ  ඉඩමක නිවසක් තනා සිය බිරිය හා දරුවා සමග ඉතා සතුටින් ජීවත් වූ ඔහු සුරා සූදුවෙන් තොර දැහැමි ජීවිතයක් ගතකරන අයෙකි.


කොරෝනා වසංගතය නිසා රටේ ඇඳිරි නීතිය පැවතීම හේතුවෙන් පසුගිය කාලයේ මාස කීපයක්ම හරි හැටි වැඩක් කර ආදායමක් උපයාගැනීමට නොහැකි වූ ඔහු ප්‍රදේශයේ හිතවත් පෙදරේරුවන් දෙදෙනකුද සමග කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක් ඉදිකිරීම සඳහා ගොස් මාස එකහමාරක පමණ කාලයක් එහි නැවතී වැඩකර නිවස බලා පැමිණියේ පසුගිය දිනකය.


කොළඹ සිට නිවස බලා පැමිණෙමින් සිටි ඔහුට ගමට ආසන්න නගරයේදී මුණ ගැසුණ ඔහුගේ මිතුරකු පැවසූ ප්‍රවෘත්තිය මහත්වූ සිත් තැවුලට හේතුවක් විය.


මිතුරා ඔහුට පැවසුවේ සිය බිරිය යාබද ගමේ මුරකරුවෙකු ලෙස සේවය කරන කඩවසම් තරුණයෙකු සමග සම්බන්ධයක් ඇතිකරගෙන ඇති බවත් නගරයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිට මෙම තරුණයා සමග කතා බහ කරමින් සිටින අයුරු තමා දින දෙක තුනක් දුටු බවත්ය.


සති හයක පමණ කාලයක් නිවසේ නොසිටි නිසා නිවසට පැමිණීම සිය එකම පුතුගේ සතුටට හේතුවූ අතර පියා නිවසට ගොඩවූ වහාම දරුවා පියා ළඟට පැමිණ ඔහුට පෙන්වූයේ නිවාඩු කාලයේ ගෙදර වැඩකළ ඔහුගේ පොත්පත්ය.


තාත්තා අදනම් කොහෙවත් යන්න එපා. මාත් එක්කම ඉන්න ඕනෑ. මේ සැරේ මගේ උපන් දිනයදාත් තාත්තා ගෙදර හිටියේ නෑනේ.  මම අපේ ටීචර් දුන්න ගෙදර වැඩ සේරම කළා. රචනා 20ක් ලිව්වා.


දරුවා සිය රචනා පොත පියා අත තැබීය. ලස්සන අකුරින් සිය පුතු ලියා තිබූ රචනා එකින් එක කියවමින් සිටි ඔහුගේ නෙත ගැටුණේ මා මගේ උපන් දිනය සැමරූ අයුරු යන මාතෘකාව යටතේ දරුවා ලියා තිබූ රචනාව වෙතය.


එය ඔහු කියවූයේ මහත්වූ ආසාවකිනි.


පසුගිය ඉරිදා මම උපන් දිනය සැමරුවා. තාත්තා ගෙදර නැති නිසා මට එදින එතරම් සතුටු දවසක් නොවෙයි. අම්මා උපන් දින කේක් එකක් හැදුවා. අම්මා මට අලුත් කමිසයක් හා කලිසමක් උපන් දින තෑග්ග ලෙස ගෙනාවා. මුර මාමත් අපේ ගෙදර ආවා. එයා මට ලොකු චොකලට් එකක් ගෙනාවා.


රචනා පොත පසෙක තැබූ ඔහු දුරකතන ඇමතුම් ලබාදී බිරියගේ මව්පියන්ට හා ඔහුගේ මව්පියන් එදින රාත්‍රියේම නිවසට කැඳවා ඔවුන් ඉදිරියේම බිරියගේ අනියම් ඇසුර පිළිබඳව ඔවුනට පැවසීය.


දරුවෙක් නොසිටියා නම් මෙයාව මං එක දවසක්වත් ගෙදර තියා ගන්නේ නෑ. මේ දරුවා නිසා මට ඒක කරන්න බෑ. මේ ගැන ගමේ  දෙතුන් දෙනෙක් මම ගමට ආව දවසෙම මට කීවා. මේ සිද්ධිය ඇත්තක් පුතාගේ උපන් දිනයදා ඒ ඔය මිනිහ මේ ගෙදරට ඇවිල්ලා තියෙනවා. මේ ඇසුර අදින් පස්සේ නතර කරන්න ඕනෑ. එහෙම නොවුණොත් මම මගේ තීරණය ගන්නවා.


සියල්ලන් ඉදිරියේ ඔහු පැවසුවේ මහත් වූ වේදනාවකිනි.

 



අදහස් (0)

පුතාගේ රචනාවෙන් තාත්තා හොල්මන්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1881 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site