හසලක සුනිල් ඒකනායක
සිය පුත්‍රයාගේ විවාහ මංගල්‍යය යෙදුණු දිනට දින කිපයකට පමණ පසු දරුවන් සහ බිරිය අතහැර අනියම් කාන්තාවක රැගෙන පලා ගිය පියකු පිළිබඳ පුවතක් දුම්බර කඳුකරය පාමුල ගම්මානයකින් වාර්තාවිය.
රූමත් බිරියක් සිටින ඔහු හතළිස් පස් හැවිරිදිය. කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාව කරන දෙදරු පියෙකි. 20වැනි වියේ පසුවන දියණිය ඇඟලුම් ආයතනයක සේවය කරන්නීය. ඔහුගේ 22 හැවිරිදි වියේ පසු වූ පුතුට සුදුසු සහකාරියක මඟුල් කපුවකු මාර්ගයෙන් තෝරාගෙන දෙපාර්ශවයේ නෑ හිතමිතුරන්ගේ සහභාගිත්වයෙන් නිවසේදීම මංගල්‍යය පවත්වනු ලැබුවේ ඉතා උසස් අන්දමිණි.
මංගල දිනයට පසු දිනයේ මනමාලියගේ පාර්ශ්වයෙන් නිවසට පැමිණි නෑ හිතමිතුරන්ටද උසස් අන්දමින් සංග්‍රහ කිරීමටද කටයුතු කළේ පවුලේ ගෞරවය ආරක්ෂා වෙන අන්දමටය.
මංගල දිනය යෙදී ගෙවී ගියේ දින හතරක් පමණ කෙටි කාලයකි. පවුලේ ගෘහමූලිකයා නැවත රැකියාවට යන බව පවසා මෙදින පෙරවරුවේම නිවෙසින් පිටත්ව ගියේ පෙර පරිදි සැමගේ ආශිර්වාදය මධ්‍යයේය.
නිවෙසින් පිටව ගිය දා සිට ඔහුගේ දුරකතනයට ඇමතුම් ගත්තත් එය විසන්ධි වීම පවුලේ අයට ගැටලුවක් විය. ඒ නිසා කොළඹ රැකියාවක් කරන ඔවුන්ගේ ඥාතියකුට දුරකතන ඇමතුමක් දී තම සැමියාට කරදරයක්වත් සිදුවිද යන්න විමසා බලන ලෙස බිරිඳ ඉල්ලීමක් කළාය.
එම පණිවිඩ ලද ඥාතියා ඔහු ගැන සොයා බැලීමේදී දින කිපයකින් ආයතනයට සේවයට නොපැමිණි බවත් සඳහන් කළේ කුකුසක් ඉතිරි කරමිනි. නවාතැන්ගෙන සිටි කාමරයෙන් පිටව ගොස් ඇති බවත් ඔහු සේවය කළ ආයතනයේ කාන්තාවක සමඟ දින කිපයකට පෙර රහසිගතව වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බව පවුලේ අයට ප්‍රකාශ කළේ සෑහෙන වේලාවක් තෙපර බාමිනි.
2025 නොවැම්බර් මස 04
52
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2006
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුතුගේ මඟුලට පහුවදා තාත්තා අනියම් කතක් එක්ක මඟුල් කන්න ගිහින්