IMG-LOGO

පුතාගේ පෙළවහට සොයාගත් මනමාලියට මවගේ වයසත් පැනලා

වසර කිහිපයක් තිස්සේ දැන හඳුනාගෙන සිටි මුහුණු පොතේ පෙම්වතිය සිය මවටත් වඩා වයසින් වැඩි තැනැත්තියක බව දැනගත් තරුණ පෙම්වතකු නෑ හිතවතුන් පිරිසක් මැද්දේ  අසීරුතාවට පත් වූ බව කියන සිද්ධියක් පිළිබඳව පසුගිය දා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය.
නව යොවුන් වියේ තරුණයෙකි. දුරකතනයටත් මූණු පොතටත් දැක්වූයේ පුදුම ඇල්මකි. දවසේ වැඩි හරියක්  ගත කළේ මුහුණු පොතේ සැරි සරමිනි.
මුහුණු පොතේ මිතුරියක හා ඔහු පෙමින් වෙලු‍ණේ වසර කීපයකට පෙරය. දිවා රෑ දෙකේම පෙම් බස් දොඩමින් ඔහු ඇයත් සමග පෙම්ලොව ඉගිලෙමින් ගත කළේ මහත් සතුටිනි.
මේ අතර මව්පියන් ඔහුට මංගල යෝජනා ගෙනෙන්නට වීමෙන් ඔහු පත් වූයේ මහත් අපහසුතාවටය. තමන්ගේ පෙම හෙළි කරන්නට සිදු වූයේ ඒ නිසාය. මව්පියන් නෑ හිතවතුන් සමග තරුණයා පෙම්වතිය බලන්නට යන්නට දිනයක් යොදා ගත්තේ ඉන් අනතුරුවය.  


නියමිත දිනය උදා වූ පසු පවුලේ පිරිස සමඟ ඔහු මුහුණු පොතෙන් ලැබුණු තොරතුරු අනුව පෙම්වතිය බලන්නට ඇගේ නිවෙස බලා ගියේ මහත් බලාපොරොත්තු ඇතිව ය.
මුහුණු පොතේ පෙම්වතිය දුටු ඔහුට පොළොව පලාගෙන යන්නට සිතුනි. ඒ ඇය තම මවටත් වඩා වයසින් වැඩි අයෙකු බව දැකගත හැකිවීම නිසා ය.
තම පුතුගේ පෙම්වතිය දුටු වැඩිහිටියන්ට ද කර කියාගත හැකි දෙයක් නොවීය.
තරුණයාත් ඔහුගේ ඥාතීහු ද මුහුණු පොතේ පෙම්වතිය ද කර කියා ගත දෙයක් නොමැතිව උඩ බිම බලන්නට වූහ.
කර කියාගත හැකි දෙයක් නොහැකි වූ තරුණයා  කිසිවකුටත්  නොදන්වාම ඔවුන් පැමිණි රියට ගොඩ වූයේ බිම බලාගෙනය. මුහුණු පොතේ පෙම්වතිය ඇගේ නිවසට දිව ගියාය.
නෑ හිතවතුන් සමග නිවසට එන තුරුම තරුණයා වචනයක්වත් දෙඩුවේ නැත.

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි

 



අදහස් (0)

පුතාගේ පෙළවහට සොයාගත් මනමාලියට මවගේ වයසත් පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 733 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site