IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පැණි රහ බලන්න ගිහින් ‘නාගෙන’

(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ උප නගරයක අලුතෙන් විවෘත කෙරුණ එළවළු හා පලතුරු කඩයකි.


කොරෝනා උවදුර හේතුවෙන් කඩයට ඇතුළු වන තැනම සෞඛ්‍ය විද්‍යානුකූලව ජල කරාමයක් හා විෂබීජ නාශක දියර බෝතලයක් තබා තිබූ අතර, කඩ හිමියා ද මුව වැස්ම දාගෙන සිය කටයුතු කළේය.


පාරිභෝගිකයකු කඩයට ගොඩවූයේ සෞඛ්‍ය විද්‍යානුකූල ක්‍රම අනුගමනය කරමිනි. එහි තිබූ හොඳට ඉදුණු පැපොල් ගෙඩියක් ගැනීම ඔහුගේ අරමුණ විය.


පැපොල් ගෙඩියක් තෝරගෙන මුදලාලිට මුදල් දෙන විට මුදලාලි කීවේ ඉතා හොඳ මට්ටමේ කිතුල් පැණි බෝතල කීපයක් කටුවන ප්‍රදේශයෙන් ගෙනා නිසා බෝතලයක් මිලයට ගන්නා ලෙසටය.


‘‘සර්, පොඩ්ඩක් දිව ගාල බලන්න. මේවායේ වෙනස තේරෙයි’’ කී ඔහු කිතුල් පැණි බෝතලය අතර තිබූ කුඩා බෝතලයක පැණි ඔහුගේ අත්ලට හැලුවේ ‘‘රස බලන්න’’ කියමිනි.


ඔහු ද කලබලයේ මී පැණි ටික කටට හලා ගත් අතර, ඔහුට දෙවියන් සිහිවූයේ මේ වන විටත් තම මුව වැස්ම එලෙසම තිබූ නිසාය.


‘‘හත් දෙයියනේ’’ කියූ මුදලාලි කඩය ඉදිරියේ වූ වතුර කරාමයෙන් මුව වැස්මත්, කටත් සෝදා ගැනීම කීවේ මහා හඬින් සිනාසෙමින්ලු.



අදහස් (1)

පැණි රහ බලන්න ගිහින් ‘නාගෙන’

Hash Tuesday, 25 August 2020 12:06 PM

අපෝ පුදුම හිනාවක් ගියේ මේ කතාවට..

:       0       49

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site