IMG-LOGO

පක්ෂය වෙනස් කළාම මගුලත් කැඩී ගිහින්

කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ

මෙතෙක් තමන් සිටි පක්ෂය අතහැර වෙනත් පක්ෂයකින් නාම යෝජනා ලබා දීම නිසා දින තීන්දු කළ මංගල්‍යයක් බිඳී ගිය පුවතක් උඩරට ප්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා හා ඔහුගේ පවුලේ සියලු දෙනා එක්තරා පක්ෂයක් ඡන්ද දායකයන් හා මතධාරීන් ලෙස අදාළ ගම මෙන්ම අවට ගම්මාන පුරා ප්‍රසිද්ධියක් ලත් පවුලකි.

මෙම පවුලේ පියා අදාළ දේශපාලන පක්ෂය වෙනුවෙන් ළැදිව දර දිය ඇද කටයුතු කළ ප්‍රාදේශීය දේශපාලනඥයකු ලෙස කටයුතු කළේය. එහෙත් ඉන්පසු ඇති වූ අසනීප තත්ත්වය නිසා පසු කාලයේදී සම්පූර්ණයෙන්ම දේශපාලනයට සමු දුන්නේය.

ඔහුගෙන් පසු තම වැඩිමහල් පුත්‍රයා ද දේශපාලන කටයුතු සඳහා යොමු කළේය. ඒ නිසාම ඔහුගේ වැඩිමහල් පුත්‍රයා මැදිවියට ආසන්නයේ සිටියත් මේ දක්වා විවාහයක් සිදුකර දීමට නොහැකි විය. මේ සම්බන්ධයෙන් ඔහු නිරන්තරයෙන්ම සිටියේ සිත් තැවුලෙනි.

මාස දෙක තුනකට පමණ පෙර මඟුල් කපු මහතකු හරහා අසල්වැසි ගමේ තරුණියක වෙනුවෙන් ගෙන ආ යෝජනාවකට අනුව දෙපාර්ශවයේ නෑදෑයන් ගේ දොර වතුපිටි ආදිය බලා ගත් තීරණය අනුව එම විවාහය සිදු කිරීමට තීන්දු ගෙන තිබිණි.

එම තරුණියගේ පවුලේ ඇත්තන් ද තම දේශපාලන මතයම දැරුවන් වූ බැවින්, මේ මඟුල් තුලාව එකට එක ගැලපෙන්නක් විය. එය දෙපිරිසේම පිරිස් සතුටුවීමට හේතු වූ තවත් කරුණක් ද විය.

එසේ තිබිය දී මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තරුණයාට වරම් ලැබිණි. එහෙත් මෙහි දී ඔහුට එම අවස්ථාව උදාවූයේ තමන් මෙතෙක් දැරූ දේශපාලන මතයට හාත්පසින් වෙනත් පක්ෂයකින් නාම යෝජනා ලබා දීමටය.

අවසන් මොහොත තෙක් ඒ සඳහා තීරණයක් ගෙන නොතිබූ අතර අවසානයේ දී පියාටත් නොදන්වා නාම යෝජනා ලබා දීමට කටයුතු කළේ කාටත් රහසිනි.

කෙසේ වෙතත් නාම යෝජනා ලබා දීමෙන් පසු මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර ඒ හේතුවෙන් මවුපියෝ හා තම නෑදෑ පිරිස් තරුණයා හා උරණ වූහ.

ඉන්පසු මේ සම්බන්ධයෙන් මනාලියගේ පාර්ශ්වයේ නෑදෑයන්ට ද දැන ගන්නට  ලැබුණේ ඔහුගේම පියා මනාලියගේ මවුපියෝ ද තරුණයාගේ නිවෙසට පැමිණ ඔහුට දොස් පවරන්නට ඔවුන් ඉදිරියේ තරුණයාට දෙහි කපන්නට වීමෙනි. එසේ පැමිණි මනාලියගේ පියා ගඟක මුහුදක දැමුවත් එක හිතක් නොමැති, තීරණ වෙනස් කරන පුද්ගලයකුට තම දියණිය පවා නොදෙන බව පවසා යන්නට ගියේය.

ඒ අසා සිටි තරුණයාගේ පියා අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නෑ. ප්‍රතිපත්ති වෙනස් කරන්න යනවාට මේවා හොඳ පාඩම යැයි තම පුතුට පවසා සිටියේ නිවෙසේ සැමට ඇසෙන්නටය.

 



අදහස් (2)

පක්ෂය වෙනස් කළාම මගුලත් කැඩී ගිහින්

podiaarachchi Thursday, 02 February 2023 04:56 PM

පොහොට්ටුවන්ට රටේ දීගයක්වත් යන්න බැරි තත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ...!

:       1       3

fairoos Thursday, 02 February 2023 06:04 PM

මෙදා සැරේ හැමෝම මාලිමාවට... මනාලියගේ කට්ටිය බයි වහල්ලු වගේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site