IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පක්ෂයේ තීරණය හරස්වී විවාහයට පොල්ලක් වැටිලා

මාස ගණනාවක් ඇසුරු කළ කාන්තාවකට විවාහ වීමට ගෙනා යෝජනාව තමන් නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂයෙන් විමසා දැනුම් දෙන්නම් යැයි කී වදනක් නිසා ඇය පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටි අයෙකුට එම අපේක්ෂා සුන්නද්දූලි වී දැඩි අසරණ තත්වයකට පත් වූ පුවතක් හසලක නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
පනස් දෙහැවිරිදි වියේ පසු වන මොහු පෞද්ගලික ආයතනයක සේවය කරන්නෙකි. දෙදරු පියකු වුවත් එම විවාහයට කණ කොකා හඬා තිබුණේ මෙයට වසර දහයකට පමණ පෙර ඔහුගේ බිරිඳ හා දරුවන් ඔහු අතහැර දැමීම හේතුවෙනි.
මෙම සිදුවීමෙන් බලවත් සිත්තැවුලට පත්ව සිටි මොහුට හිතමිතුරකු පැවසුවේ ‘‘ඔයාගේ අනාගතය විනාශ කර ගන්න එපා. අපි හොඳ කෙනෙක් හොයා ගමු’’ කියාය. එම යෝජනාවට කැමැත්ත පළ කළෙන් මිතුරාම නැගෙනහිර පළාතේ එක් දරු මවක වූ 49 හැවිරිදි සැමියා වියෝ වූ කාන්තාවක පිළිබඳව අදහසක් ඉදිරිපත් කරනු ලැබීය. එම යෝජනාව අනුව මිතුරා සමඟ ඇය බැලීමට ගිය අතර එහිදී පැවති කතා බහෙන් ඔහුට ඇය පිළිබඳව යම් විශ්වාසයක් ගොඩ නැගුණි.
එතැන් පටන් ඔවුනොවුන් සමීප ඇසුරක් පටන් ගත් අතර ඇය ඔහු හමුවන සෑම අවස්ථාවකදීම යම් අවශ්‍යතාවක් කියා කිසියම් මුදලක් ඔහුගෙන් ඉල්ලා ගැනීම ඇයගේ සාමාන්‍ය සිරිතක් බවට පත්ව තිබිණි. ඔහුද ඇය ඉල්ලන සැනින් අවශ්‍ය මුදල් සැපයුවේ ඇය අනාගත තම සහකාරිය වන හෙයින් බව සිත් තබාගෙනය.


විවාහයෙන් පසුව දෙදෙනාට නිදහසේ ජීවත්වීමට ඉඩමක් සහිත නිවහනක් මිලදී ගැනීමටද ඔවුන් කතිකා කරගෙන නිවසක් සහිත ඉඩමක්ද තොරා ගනු ලැබීය. එම ඉඩම සහ නිවහන විවාහයට පෙර ඇයගේ නමට ගැනීම සුදුසු බවට ඇය ඔහුට යෝජනාවක්ද කළාය. එහෙත් එම යෝජනාවට ඔහු එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඉඩම සහ නිවස මිලදී ගත්තේ නැත.
‘‘දැන් අපි මාස හයකට වැඩි කාලයක් ඇසුරු කළානේ අපේ විවාහය ඉක්මන් කරමු නේදැයි?  ඔහු ඇයට එදින හමු වූ අවස්ථාවේදී යෝජනා කළේය. එහිදී එක් වරම ඇය ඔහුට පැවසුවේ මම අසවල් පක්ෂයේ පූර්ණ කාලීන සාමාජිකාවක්. මම විවාහයක් කර ගන්නවා නම් එම පක්ෂයෙන් විමසිය යුතු බවත් එයට පක්ෂය විරුද්ධ නම් මට ඔයත් සමග විවාහ වෙන්න බැහැ යැයි කීවාය. එම වදනත් සමගම අන්දුන් කුන්දුන් වූ ඔහු විමසුවේ මේක මට අපි හමුවූ පළමු දවසේම  කියන්න තිබුණානේ. ඇයි මට එහෙම කළේ. ඔයා මට කොච්චර බලාපොරොත්තු තිබ්බද? එක එක දේවල් කියලා ඔයා මට විවිධ පොරොන්දු දීලා බලාපොරොත්තු ඇති කරලා මගෙන්  ලක්ෂ පහකට වැඩිය සල්ලි මේ වනවිට අරගෙන තිබෙනවානේ ඇයි මාව මෙහෙම අමාරුවේ දැම්මේ කියා ඔහු දැඩි වේදනාවෙන් හා ශෝකයෙන් ඇයගෙන් විමසා තිබේ.
එහිදී ඇය පවසා ඇත්තේ කරන්න දෙයක් නැහැ. පක්ෂය තමයි අපි ගැන තීරණය කරන්නේ. මම පසුව ඔයාට ඒ ගැන කියන්නම් යැයි පවසා වේදනා බරිත වූ ඔහුගේ හදවත තවත් රිදවා යන්න ගිය ඇය එතැන් පටන් ඔහු හමුවීම හෝ ජංගම දුරකතනයෙන් ඇමතීමද නතර කර තිබිණි.



අදහස් (0)

පක්ෂයේ තීරණය හරස්වී විවාහයට පොල්ලක් වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 215 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 406 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site