IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නිවැසියන් සාදයට ගොස් සිටියදී බල්ලා අපූරු නැටුමක් නටලා

(මීරිගම - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිවැසියන් සාදයකට ගොස් එන අතරේ ගෙදර ඇති කරන සුරතල් බල්ලා කාමරයකට වී හුදෙකලා සාදයක් පැවැත්වූ පුවතක් ගම්පහට නොදුරු ගමකින් පසුගිය දා වාර්තා විය.


සැමියා, බිරිඳ, දරු දෙදෙනා සමග සාදයකට  යාමට සූදානම් විය. බිරිඳ  හැඩ වැඩ වීමට කල්ගත වීම හේතුවෙන් ගමන ප්‍රමාද වීමත් සමග සැමියා සිටියේ දැඩි කේන්තියෙනි. 


බිරිය හැඩ වැඩ වී අවසන් වීමත් සමග සැමියා නිවෙසේ දොරගුළු  වසා රියට ගොඩවිය. කිසිත් නොදෙඩූ බිරිය දරුවන් සමග රියට ගොඩවූවාය. කතාබහින් තොරව පවුලේ  පිරිස සාදයට සහභාගී වූහ. සියලු_ කටයුතු  අවසන යළි නිවෙසට එද්දී පැය හත අටක් ගතව තිබිණි. වෙනදා ගෙදරට එද්දී පිළිගැනීමට පෙරට එන සුරතලා ආවේ නැත. මේ නිසා දියණියට දැඩි ශෝකයක් ඇති වූවාය. ඒ සමගම සියලු_ දෙනා බලු_ පැටවා සොයන්නට වූයේ නිවෙසේ දොර විවෘත කිරීම පසෙකලාය. කිසිවකු නැති අතරේ බල්ලාට සර්පයකු දෂ්ඨ කරන්නට ඇතැයි තීරණය කළේ පසුව තවදුරටත් සොයා බලන අදහසිනි. 


බිරිය දොර විවෘත කර ගෙට ගියාය. ඇය සිය කාමරයේ දොර විවෘත කරනවාත් සමග බලු_ පැටවා ඇගේ ඇඟට පැන්නේ ඇය බියට පත්කරමිනි. හදිසියේ කාමරයේ දොර වසද්දී බල්ලා කාමරයෙන් එළියට දමන්නට  බැරි වූ බව ඇයට සිහිපත් වූයේ ඒ අවස්ථාවේදීය.


අනතුරුව  කාමරයට ගිය විට ඔවුන්  දුටුවේ මවත් දියණියත් රූ ගැන්වීමට යොදාගත් රූපලාවන්‍ය උපකරණ  හා ද්‍රව්‍ය පැය කිහිපයක් තිස්සේ විනාශ කර ඇති බවයි. කලට වේලාවට වැඩ කළා නම්  කඩිමුඩියේ  හදිසියේ  ගමන පිටත් වීමට සිදු නොවන බවත් මේ ආකාරයේ පාඩුවක්  දරන්නට සිදුනොවන බවත් සැමියා බිරියටත් දියණියටත් අවබෝධ කර දී විනාශ වී ගිය අඩුම කුඩුම යළි මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ඒ අවස්ථාවේදීම බිරිය අතට පත් කළේ වෙන කළ හැකි දෙයක් නොවූ බැවිණි. 

 



අදහස් (0)

නිවැසියන් සාදයට ගොස් සිටියදී බල්ලා අපූරු නැටුමක් නටලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site