(ගල්ගමුව - නිහාල් ජයවීර)
නවය ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය පිරිසකගෙන් පහරකෑමට ලක්වූ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය පිරිසක් දහය ශ්‍රේණියේ සිසුවකුට මුදල් ලබා දී පහර දුන් ශිෂ්‍යයන්ට පෙරළා පහර ගැස්සවීමේ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ පාසලකින් දැන ගැනීමට ලැබිණ.
දැන ගැනීමට ලැබෙන පරිදි හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍ය පිරිස පාසලේ ප්‍රාථමික අංශයේ සෙල්ලම් මිදුලට ගොස් එහි වූ ඔංචිල්ලා පදිමින් සිට ඇත. එහි ගිය නමය ශ්‍රේණියේ ශිෂ්‍ය පිරිසක් ඔවුන්ට පහර දී සෙල්ලම් මිදුලෙන් එළවා දමා තමන් එහි ඔංචිල්ලා පදින්නට පටන්ගෙන තිබේ.
මින් උරණ වූ පහරකෑමට ලක්වූ සිසුන් පහර දුන් සිසුන්ට හොඳ පාඩමක් ඉගැන්වීමට රුපියල් විස්ස, පනහ ආදී වශයෙන් එකිනෙකාගෙන් එකතුකොට ගෙන රුපියල් 150ක් සාදාගෙන දහය ශ්‍රේණියේ අයියා කෙනෙකු මුණ ගැසී කාරණාව දන්වා මුදල් ගෙවා කොන්ත්‍රාත්තුව භාර දී තිබේ.
දහය ශ්‍රේණියේ අයියා ද සෙල්ලම් මිදුලට ගොස් එහි ඔංචිල්ලා පදිමින් සිටි නමය ශ්‍රේණියේ මල්ලිලාට පහර දී තමන්ට භාර දුන් වගකීම අකුරටම ඉටුකොට තිබේ. තමන් භාර දුන් කොන්ත්‍රාත්තුව නිසි ලෙස ඉටු කරනවා දැයි දැකීමට හා එකට එක කළ බව පෙන්වීමට හත ශ්‍රේණියේ මල්ලිලා ද අයියා පසුපස එහි ගොස් ඇති බව ද කියැවේ.
කෙසේ වෙතත් දහය ශ්‍රේණියේ අයියාගේ පහරදීම ගැන සෑහීමකට පත් නොවුණු හත වසරේ මල්ලි කෙනකු තමන් දුන් මුදලින් අඩක්ම ආපසු ඉල්ලාගෙන ඇති බව ද දැන ගැනීමට ලැබී තිබේ.
සිද්ධිය පාසලේ ගුරුවරුන්ට දැන ගැනීමට ලැබීමෙන් පසු සියලු පාර්ශ්ව කැඳවා නඩුව විභාග කරද්දී මේ කරුණු අනාවරණය වී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නවයේ සිසුන්ට පහරදෙන්න දහයේ අයියකුට රු.150කට කොන්ත්‍රාත්තුවක්