(වියලුව වාර්තාකරු)
කොරෝනා කාලසීමාවේ ඇඳිරි නීතිය පවතිද්දී රහසිගතව පෙරාගත් කසිප්පු වඩියක් තම ගෙවත්තේ ගව පට්ටියේ තබාගෙන ‘නැවුම් එලකිරි’ යයි පවසමින් තම ගැණුම්කරුවන්ට අලෙවි කළ පුද්ගලයකු පිළිබඳ පුවතකි.

සිද්ධිය මෙසේය.
ඔහු සිය බිරියගේද උදව් උපකාර ලබමින් කසිප්පු පෙරීම ජීවිකාව කරගත් පුද්ගලයෙකි. එම රැකියාවට අමතරව කිරි එළදෙනුන් කිහිපදෙනෙකු ද ඇති දැඩි කළේ සිය වියපැහැදම් පියවා ගැනීමට කසිප්පු අලෙවිය පමණක් ප්‍රමාණවත් නොවීම නිසාය.
කොරෝනා අවදානමත් සමගම ආරක්ෂක අංශවල අවධානය ඊට යොමු වීම වාසියට ගත් ඔහු, තම නිවසට යාබද රක්ෂිතයේ තබාගෙන කසිප්පු වඩි කීපයක් සකස් කරගෙන එහිදීම ඒවා රහසිගතව අලෙවිකරන්නට පුරුදුවී සිටියේය.
දිනෙන් දින එහි පැමිෙණන ගැනුම්කරුවන් පිරිස ඉහළ යාමත් සමගම එය ව්‍යාපාරයේ රහස්‍යභාවයට බාධාවක් බව සිතූ හෙතෙම ඒවා අලෙවි කෙරුවේ බිරිඳගේ ද සහයෝගය ඇතිවය. අපූරු උපායක් යොදා ගත්තේය.
පෙරනු ලැබූ කසිප්පු වඩිය රාත්‍රි කාලයේදීම තම ගවපට්ටිය අසලට රැගෙන එන ඔහු නැවුම් කිරි මිලදී ගන්නට එන පිරිසට නැවුම් එළ කිරි බෝතලයක් බැගිනුත් ඒ අතර සිටින කසිප්පු ගැනුම්කරුවන්ට කසිප්පු බෝතලය බැගිනුත් අලෙවිකරන්නට වූවේ එළ කිරි අලෙවි කිරීමේ මුවාවෙනි.
දින කීපයක් ගතවෙද්දී මෙම අපූරු කිරි වර්ගය (කසිප්පු) මිලදී ගන්නට අසල්වැසි ගම්වලින් ද පිරිස් පැමිණෙන්නට වීම නිසා තම උපාය ආරක්ෂක අංශවල කන වැටෙතැයි සිතූ ඔහු අවසන් කසිප්පු වඩිය අලෙවි කිරීමෙන් පසුව එම උපාය අතහැර දැම්මේ කසිප්පු අලෙවිය සඳහා වෙනත් උපායක් තිබේදැයි සිය බිරියගෙන් විමසමිනි.
2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නැවුම් එළකිරි ගව පට්ටියේදී කසිප්පු වෙලා
Pradeep Thursday, 18 June 2020 12:00 PM
මොනවා වුනත් දුර දක්නා නුවණක් ඇති සහ කූට, බුද්ධියක් සහිත පුද්ගලයෙකු බව පේනවා.