IMG-LOGO

නිරෝධායන ගෙදරට එවූ බඩුමල්ල හිත්අමනාපෙට හරවා යවලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි) 
නිරෝධායනය වන දරු පවුලක් වෙත අමනාපව සිටි අසල්වැසියකු ලබාදුන් වියලි ආහාර පාර්සලය එම පවුලේ සාමාජිකයකු ආපසු ගෙනගොස් දැමීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මැදිහත්වී යළි බාර ගැනීමට උපදෙස් දුන් බව කියන පුවතක් ගම්පහ දිසාවේ ගම්මානයකින් පසුගියදා වාර්තාවිය.


ඇඳිරි නීතිය දැමීමත් සමග ගමේ ජනතාවට අවශ්‍ය දේ සැපයීම සඳහා අලුතෙන් ආරම්භ කරන ලද කඩයකි. මෙය පවත්වාගෙන යනු ලැබුවේ කාන්තාවක විසිනි. පෑලියගොඩින් මාළු ගෙනා වෙළෙන්දකු කොරෝනා ආසාදිතයකු බව හෙළිවීමෙන් පසු ගමේ වැඩි දෙනා භීතියට පත්විය. මේ අතර කඩය පවත්වාගෙන ගිය කාන්තාවද වූවාය. ඒ මාළු වෙළෙන්දා නිතරම ඇගේ කඩයට ආගිය අයකු වීම නිසාය. 


මේ හේතුවෙන් ගමේ නිවාස කිහිපයක පිරිස් නිරෝධායනයට ලක් කෙරිණි. ඒ අතර කඩය පවත්වාගෙන ගිය කාන්තාවගේ පවුලේ පිරිසද වූහ. නිවෙස් කිහිපයක් මෙසේ නිරෝධායනය කෙරුණු හෙයින් එම දරු පවුල් වෙත කිසියම් අන්දමකින් උපකාර කරන ලෙස ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අසල්වැසියන්ගෙන් ඉල්ලීමක් කළේ මේ අතරය. ගමේ ඇති හැකි අයෙක් නිරෝධායනය කෙරුණු පවුල් සියල්ල වෙත  වියළි ආහාර පාර්සලය බැගින් ලබාදුන්නේ ඒ ඉල්ලීමට කන්දීමෙනි.


පෙර කී කඩය පැවැත්වූ අයගේ නිවෙසටද ආහාර පාර්සලයක් ලැබිණි. දානපතියා හා ඔවුන් අතර කලකට පෙර කිසියම් අමනාපයක් තිබීම හේතුකොටගෙන මේ ආහාර පාර්සලය ලබාදුන් අයගේ නිවෙස වෙත යවනු ලැබූයේ කළ උදව්ව අවතක්සේරුවට ලක්කරමිනි. 


මේ බව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දැනගන්න ලැබිණි. අමනාපය අමතක කර වහාම ආහාර පාර්සලය බාරගන්නා ලෙසට කළ දැනුම්දීමට අනුගත වීමට කඩයේ කාන්තාවට සිදුවූයේ අහංකාරත්වය පසෙකලමිනි. 



අදහස් (0)

නිරෝධායන ගෙදරට එවූ බඩුමල්ල හිත්අමනාපෙට හරවා යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 112 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 377 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site