IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නොමිලේ ‘බ්ලූ’ බලන්න ගිහින් බඬේ පලූවක්ම ලෙලි ගහගෙන

 

(කරන්දෙණිය  එම්. සුසිල්  ප‍්‍රියන්ත)

පොල්  ගසක භාගයක්  නැග අලූත බැඳපු ජෝඩුවක්  නිදන  කාමරයකට එබිකම් කළ තරුණයකුට ලැබුණු අපූරු දඬුවමක්  පිළිබද  පුවතක්  දකුණේ  ගමකින් වාර්තාවේ.

හේ  තරුණයෙකි. කුලෑටිය. පේ‍්‍රම සබඳතාවලට බියක් දක්වයි. බොහෝ  වෙලාවට ඔහු නිදි වර්ජිතව මේ  කාර්යයේ  නිරත වෙයි.

 ළඟදී ඔහුගේ නිවස අසල  තරුණයෙක් විවාහ වූයේය. ජෝඩුව  නිදන  කාමරයට  දින  දෙක තුනක සිටම  එබිකම් කිරීමට ඔහු උනන්දු වූයේය. ඒ  එම  කාමරය  අසල  තිබු  පොල්  ගසක  බාගයක්  පමණ  නැගය.

ජෝඩුව  නිදන  කාමරයේ ඇතුළත සිදුවන දේ කළුවර  නිසා ජනේලයේ  උඩින් ඇති කුඩා සිදුරුවලින් නොපෙනුණත්  ඔවුන්  දෙදෙනාගෙන් ඉඳහිට  ඇහෙන  මිහිරි වදන් ඔහුට මිහිරි  විය.

එදා රාත‍්‍රියේත් ඔහු මේ අලූත බැඳපු  ජෝඩුව නිදන කාමරය අසල තිබු  පොල්  ගසට නැග්ගේය. ඒ සුපුරුදු  කාර්යයේ  නියැළීමටය. ගතවුයේ  ටික වේලාවකි. අවශ්‍යතාවක් සඳහා මේ ජෝඩුවෙන් කෙනෙක් කාමරයේ විදුලි පහන  දල්වුයේය. මෙයින් ඔහු කොතෙක්  කලබල වූයේ දැයි කිවහොත් පොල්  ගසෙන් බැස්සා නොව ඉක්මනටම  ලිස්සගෙන ආවේ පොල් ගසෙන් බඩ  සීරෙන බව පිළිබඳවත් නොසිතාය.  මෙසේ පොල් ගසෙන් ලිස්සාගෙන ආ  ඔහුගේ බඬේ ලෙලි  ගියේය. කොතරම්  වේදනා දුන්නත් ඔහු එය ඉවසාගෙන  ගෙදර දුවගෙන ආවේ කෑගැසූනොත්  අත්වන ඉරණම ගැන සිතාය.

එළිවනතුරුම වේදනාවෙන් සිටි ඔහු  ගෙදර අයට මේ වගක් නොපෙනීමට  නිතරම කමිසයක් දමාගෙන සිටියේය. වේදනාව තවත් ඉවසාගත නොහැකිව  සිටි හේ බොරු බේගල් රැසක්ම ඇද  බාමින් සිය මිතුරෙකු සමග බෙහෙත්  ගැනීමට උදේ රැයින්ම වෙද මහතකු ළඟට ගියේය.

වෙද මහතාගේ හරස් ප‍්‍රශ්න  වලින් බේරීමට බැරිවූ නිසාම ඔහුට  ඇත්ත කියන්නට සිදුවුයේ  සිය මිතුරා  ඉදිරියේමය.  මිතුරාට  සිදුව  ඇති මේ  හදිසි  අකරතැබ්බය  පිළිබඳව  දැනුවත්වූ  ඔහුගේ මිතුරා මේ බව  කිසිවකුටවත්  කියන්න එපා යයි ඔහු ඉල්ලීම් කළද මිතුරා අනෙක් මිතුරන්ද මේ  සම්බන්ධයෙන් දැනුම්වත් කළේ නියම  කල්‍යාණ  මිතුරකුගේ  ගුණද  මනාව  පෙන්වා දෙමින්ය.

 



අදහස් (4)

නොමිලේ ‘බ්ලූ’ බලන්න ගිහින් බඬේ පලූවක්ම ලෙලි ගහගෙන

sam Friday, 29 September 2017 10:51 AM

මෝඩ මනුස්සයෙක්නේ......හොරෙන් කුරුම්බා ගෙඩියක් කඩා ගන්න ගිහිල්ලා ලිස්සුවා කිව්වානම් ඉවරයිනේ .

:       4       116

shyamali Tuesday, 03 October 2017 06:29 AM

මෝඩ නිසානේ මේ වගේ මෝඩ වැඩ කරන්නේ, කොල්ලෙක් කරන්න ඕන වැඩද මේවා?

:       0       6

sanjeeva Sunday, 08 October 2017 03:24 PM

මෙහි ප්‍රවෘත්තියේ හෙඩ්ලයින් එක වැරදියි. අඹු සැමි දෙදෙනෙක් ලිංගිකව එකතු වීම බ්ලු ෆිල්ම් එකක් වෙන්නේ කොහොමද? බ්ලු ෆිල්ම්වල තියෙන්නේ විකුර්ති ලෙස කාම රාගයෙහි යෙදීම සහ අසාමාන්‍ය ලෙස ලිංගික ක්‍රියාවන් කිරීම. නමුත් අඹු සැමි එක්වීම ඊට වඩා වෙනස්.. සමහර විට සමහර විවාහක යුවලයන් එවන් දේවල් කරනවා ඇති...

:       0       5

madu Friday, 20 October 2017 10:06 AM

මේවගේ වැඩ කරන්නේ ඉගෙන ගෙන නැති මිනිස්සු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site