IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නොබිඳෙන බිත්තරය තරගය අවුල් කරලා

(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
අවුරුදු උත්සවයක පැවති තරග අතර බිත්තර ඇල්ලීමේ තරගයේදී තම්බපු බිත්තරයක් හුවමාරු වූ සිද්ධියක් ගැන නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


සිද්ධිය මෙසේය.


එය නගරබද ප්‍රදේශයක පැවති අවුරුදු උත්සවයකි. පැරණි ජන ක්‍රීඩා රැසක් එහි සංවිධානය කර තිබූ අතර, බිත්තර ඇල්ලීමේ තරගයක්ද ඒ අතර විය.


තරගය සඳහා ඉදිරිපත් වූ තරුණ ජෝඩුවලට සංවිධායකයන්ගෙන් තරගයට අවශ්‍ය බිත්තර ලැබී ඇත. තරගය කෙමෙන් උණුසුම් වෙද්දී සමහරු බිත්තර බිඳගෙන ඇඳුම්වල තවරාගැනීම නිසා වෙනත් ඇඳුම් ඇඳ ගැනීමටත් සිදුවී ඇත.


තරගයට එක්වූ පිරිස අතරින් දෙන්නා දෙන්නා පරාජය වී තරගයෙන් ඉවත් වෙද්දී දෙදෙනෙක් අතර හුවමාරු වූ බිත්තරයක් ගැන අවධානයෙන් සිටි සංවිධායකයකුට සැකයක් ඇතිවී තිබේ. හේතුව බිත්තරය බිම වැටුණත් එය බිඳී නොගිය නිසාය. පසුව දෙදෙනා අතර හුවමාරු වූ බිත්තරය තවදුරටත් පරීක්ෂා කරද්දී එය තම්බපු බිත්තයක් බව හෙළිවී ඇත. බිත්තරය මාරු වුණේ කෙසේ දැයි විමසද්දී බිත්තර ළඟ තිබූ හෝටලයකින් ගෙනා නිසා අතපසුවීමකින් තම්බපු බිත්තරයක් බිත්තර ගොඩට එක්වන්න ඇතැයි කොටසක් කියා ඇත. එහෙත් පරාජය වූ අය එය නොපිළිගත් නිසා තම්බපු බිත්තරය තරගයෙන් ඉවත් කර අලුත් බිත්තරයක් තරගකරුවන්ට ලබාදී තරග කොන්දේසි පනවා ඒ අනුව තරගය නැවත පවත්වන්නට තීරණය කර තිබේ.

 



අදහස් (0)

නොබිඳෙන බිත්තරය තරගය අවුල් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site