IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


නාන හැටි බලලා අම්බානක කාලා

(බළපිටියේ  එස්.ඒ.වයි. ද සිල්වා)
පොදු ළිඳේ දිය නාන ළඳුන් දෙස අමුතුම විදියට බලා සිටි අනංගයකුට ගුටි  වර්ෂාවකින් නාන්න සිදුවීමේ පුවතක් වාර්තා වේ.


මොහු එදිනෙදා කුලී රක්ෂාවක් කරගෙන ජීවත් වූ වයස අවුරුදු හැත්තෑවක් පමණ අයෙකි. මොහු පදිංචි වී සිටි නිවෙස  පිහිටි ඉඩමට යාබද ඉඩමේ පිහිටියේ පොදු නාන ළිඳකි. උදේ පාන්දර සිට මෙම ළිඳෙන් නෑමට එන පිරිස විශාලය. උදේට රැකියාවට ගොස් හවසට ඇවිත් නාගෙන පිරිසුදු වී හීන් අඩියකින් සප්පායම් වී රේඩියෝව ළඟ තබාගෙන සින්දු ඇසීම මොහුගේ දින චරියාවේ එක් අංගයකි. 


සවසට කාන්තාවන් නාන විටදී පුටුවක් මිදුලේ තබාගෙන පත්තරයක් කියවීම සිරිතකි. පාරේ යන එන කාටත් පෙනෙනුයේ මොහු විනෝදයෙන් පත්තර කියවන අයුරුය. කාන්තාවන් නාන විට පමණක් කෙරෙන මොහුගේ මෙම ක්‍රියාව පිළිබඳව දිය නෑමට එන කාන්තාවකගේ පුරුෂයකුට සැකයක් ඇතිවිය. 


ආරක්ෂක අංශයක සේවය කරන කාන්තාවගේ පුරුෂයා මේ ගැන විමසිල්ලෙන් පසුවිය. ‘අයියා අද පත්තරේ තියෙන්නේ මොනවා දැයි’ ඇසූ විට  ඊට ආසන්න දිනයක සිදු වූ රේඩියෝවේ ප්‍රවෘත්තිවලින් අසා දැන ගත් පුවතක් රස කර කර කීම මොහුගේ කපටි සිරිතකි. පත්තරයක් කියවන මුවාවෙන් සිටියත් පත්තරය නොකියවන බව විමසිල්ලෙන් සිටි අයට තහවුරු වීමට වැඩි වෙලාවක් ගත නොවීය. මොහුට නොදැනීම පසු පසින් ඇවිත් බලන විටදී තිබුණේ පත්තර පිටුවක් පමණි. එහි කුඩා ප්‍රමාණයේ සිදුරු දෙකකි. එම සිදුරුවලින් කාන්තාවන් නාන දෙස බලා  සිටින බව හෙළිවිය. 


මේ පිළිබඳව කෝප වූ කාන්තාවගේ පුරුෂයා අතින් පයින් පහර දී කාන්තාවන්ට පත්තර  පිටුව පෙන්වූයේ පත්තරේ බලන විදියට වෙන වෙන දේවල් බලන බව කියමිනි. ගුටි වර්ෂාවෙන් පසු පත්තර කියවීම නතර වූ බව කාන්තාවන් පැවසුවේ කොක් හඬලා සිනාසෙමිනි.



අදහස් (0)

නාන හැටි බලලා අම්බානක කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site