(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දේශීය වෙදකමට මුල් තැන දෙන නැන්දම්මා කසායක් සැකසීම සඳහා පොළෙන් මිලදී ගෙනා වෙනිවැල් ගැට කැබලි දරට දැමූ ලේලියක පිළිබඳ පුවතක් දිවුලපිටියට නුදුරු ගම්මානයකින් පසුගියදා වාර්තා විය.
තිදරු මවකි. දරු තිදෙනාම විවාහකය. සියල්ලෝම පදිංචි මහ ගෙදරය. ගෙදර වියපැහැදම් පිරිමසන්නේ මවය. සති අන්තයේ ඇය පොළට ගියේ ලොකු පුතා සමගය. සතියකට අවැසි කළමනා මිලදී ගත් මව වෙනිවැල්ගැට කැබලි කිහිපයක්ද මිලදී ගත්තේ අවශ්‍ය විටක තම්බා බීම සඳහාය.
ගෙදර ගෙනා එළවළු අස්පස් කළ මව වෙනිවැල් ගැට කැබලි මේසය මත තිබ්බේ පසුව වෙනත් තැනකින් තබන අදහසනි. පැය කිහිපයකට පසුව කුස්සියට ආ මව වෙනිවැල්ගැට කැබලි සෙව්වාය. ඒවා නැත. ඇය ලේලියගෙන් විමසද්දී බාල ලේලිය පැවසුවේ අම්මේ පොඩි දර කෑලි ටිකක් මේසේ උඩ තිබුණා. මම ඒවා ළිපට දැම්මා කියාය. වෙනිවැල් ගැටත් දරත් අඳුනන්නේ නැති උඹලා අත පයත් ළිපට දාන දවස වැඩි ඈතක නැතැයි කියා බැණ වදිද්දී අසල්වැසියන්ට මේ සියල්ල දැන ගන්නට ලැබිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නැන්දම්මා කසායට ගෙනා වෙනිවැල්ගැට ලේලි ළිපට දාලා